Friday, November 30, 2012






        කැඹිලි තැඹිලිමයි
                 ______________________


මැට්ටා ! මෝඩයා ! මරියා !

කියලා මගේ වාසගමට ඉස්සරහින් දැම්මේ නැත්තේ මොකද කියල
මට හැම වෙලාවෙම හිතුනා. මොකද එහෙනං ‘ඒක මගේ නමනේ‘
කියල මට හිත හදා ගන්න තිබුනා...

ගෙදර ඉදල හේනට සෑහෙන දුරක් තිබ්බා... කෑලි 5හේ ටෝච් එකත් නැතුව පට්ට කරුවලේ වැටි වැටි මං ආවේ මාරම ජුවලෙන්, ඒක කොච්චර කේන්තියක් ද කියල කියනවනං මං මදුරුවට ගැහුව පාරට අත ඉදිමිල ආවා.
අල්ල පුපුරු ගැහැවා...

‘මං මෝඩ නිසාද මේව මෙහෙම වෙන්නේ‘

තිබ්බ එකම එක සිගරට් එක හේනේ පැලේ වහලේ හංගලා තිබ්බ
ගිනිපෙට්ටියෙන් පත්තු කරන ගමන් මට හිතුනා

මට දැනෙන කාලේ ඉදන් මං ගෙදර කොන් උනා...
‘‘උට ඉගෙන ගන්න බෑනේ, මල්ලි ට මොන පොත්ද , දැංම වත්තේ වැඩක් වත් ඉගෙන ගනිං‘‘
මේවා මට කඩ පාඩං.. මොකද අයියලා දෙන්නම, අම්මට අනුව
ඉගෙන ගත්තා සාමාන්‍ය පෙල උසස් පෙල පාස්...
දැන් කලිසමක් ඇදං රස්සාවකට යනවා..

මම අන්තිමට ගියේ 6 පන්තියට අයියලා වගේ 5 පාස් වුනේ නැති නිසා
මම නිකම්ම මැට්ටෙක් උනා..

‘‘උඹලා කාපල්ලා කලා හොදට ඉගෙන ගනිල්ලා ‘‘

කියල අම්මා කීවේ මට කන්න එපා කියන්නා වගේ. තාත්තා කොහොමත් නිහඩ මනුස්සයා. උන්ද වවපු හේනනේ පැලේ තමා අද මගේ දවසේ
සතුටුම, වගේම කාන්සිම පැය ගෙවෙන්නේ.

අයියලා වගේම මාත් ටික ටික ලොකු උනා උන් උගත්තු උනාට
මට වගේම බඩගිනි වෙනවා, මං වගේම වතුර බොනවා, යාලූවන්ගේ පාටි කියල බියර් බීල ආවට අම්මා මුකුත් කීවේ නැ..

‘තෝ එහෙම රා පොල පැත්තේ ගිහින් තිබ්බොත්නේ‘

අම්මා එහෙම කීවම ඒ දවස්වල මට හිතුනේ විබාග පාස් කරාම බොන්නත් අවසර ලැබෙනවා ඇති කියල..

මම ඉස්කොලේ නොගියත් හේනට ගියා. වැඩකරන්න ම නෙවෙයි,
තනියම ඉන්න. මොකද අයියලා දෙන්නා හින්දා ගමේ එව්වොත් මට
පාච්චල් කරන්න අරන් තිබ්බේ. මම හේනට වෙලාම කල් ඇරියා..

තාත්තා අසනීප උනා. මම හේනටම සින්න උනා. කෙසෙල් කැනක් එළවලු ටිකක් විකුණුප සල්ලි නිසා අම්මා ඉස්සරවගේ කෑගහන්න එන්නේ නැ..
හවසට බත් එකක් බැදල දෙනවා මට හේනට ගෙනියන්න. අම්මා මට
අකාරුණීක උනාට ගමටම කාරුණිකයි.

‘සීදේවි නැන්ද‘

ආදරය ගැන මගේ හිතේ තිබ්බේ තරහවත්, මොකද මට ආදරේ කියල දැනිල තිබ්බේ, වැඩිහිටියන්ගේ, ගමේ එවුන්ගේ සමච්චලේ විතරයි.

‘‘මටත් කෙල්ලෙක් හිටියනං‘‘
කියල මට හිතුන වාර අන්නතයි. අයියලා ඉගෙන ගත්තා කියලා උන්ට දැනුන බඩගින්නම තමයි මටත් දැනුනේ.

පසුයි මඩයි එක්ක ඉන්න මං දිහා කෙල්ලෝ බලාවී ද?
අනික පුංචි ගං මඩිත්තක් වේචචර මුළු ගමටම මම ගොන් මරියා වෙලා ඉවරයි මම !

‘‘ට ඔන උනේ ගෑනියක් මිසක් ආදරයක් නෙවෙයි.‘‘

මට තොට දී, ගමේදී, මගේ ඇස් ගෑණියෙක් හෙව්වා ඒ ඇස්වල රාගය ඇද්දයි බැලුවා. එත් මගේ හිතට වඩා හැමවෙලාවෙම ඇග සංවර උනා.

කෙනෙක්ගේ හිතේ වල් කම මනින්න පුලුවන්නං ම උපරිමය පාස් කරල උන්නේ... ඒත් මොඩකමටද මන්දා මම ඇගට තරංචි දාගෙන උන්නේ..

දන්න කියන ගෑනු අය එක්කෝ මට කියල පොල් ගෙඩියක් කොස් ගෙඩියක් කඩවා ගත්තා අනේ පුතේ, අනේ මල්ලියේ කියල..
උන්ගේ ඇස්වල තිබ්බේ

‘කපටිකම‘

අනිත් උං මාව ගනන් ගත්තෙම නැ..

සිගරට් එකත් ඉවර.යි බඩ පනුවේ හොද ගානට වද දෙනවා

මම හවස කඩමංඩියට ගියේ කෙසෙල් කැනක් දෙන්න.
ආපිට එද්දී මං ඇස්වලින් මැන මැන ගිය විදිහේ කෙනෙක් පාර ඉස්සරහට ආවා. ගොම්මන වැටීගෙන එන වෙලාව.

මල්ලී ටවුමට දුරද ?
එයා මගෙන් ඇහුවා..

‘ඔවු අක්කේ එත් දැන් බස් නැ...වීල් එකක ගියෙත් 600 ක් විතර ගයි.
අක්කා කොහෙද ආවේ මේ වෙලාවේ‘

‘රැවටිල්ලකට අහු උනා මල්ලී මට දැන් යන්න තැනන් නැ‘
එයාගේ අතේ 600 ක් නැ මට ඒක දෙන්න හිතුනත් මම කිව්ව වල් හිත
නලියන්න ගත්තා.

‘මං ඉන්නේ හේනේ පැලක‘ කැමති නං ඔයාට ඉන්න පුළුවන්‘
මම අක්කා වෙනුවට ඔයා කියන්න තරං නිර්භීත උනා

‘ලොකු දෙයක් අනේ‘ ඇයගෙන් රුකුලක් ලැබුනා

එතැන ඉදල මං ‘හීන‘ ගොඩක් මැව්වා.කොටින්ම දතකට මැද්දා.
මම එයාට වඩා ටිකක් ඉස්සරිහින් ගියේ ගමේ ඇස් වලින් හැංගෙන්න.

‘‘ඔයා ඔහොම ඉන්න මං කෑම එක අරං එන්නං‘‘

ගේ ගාව ට කිට්ටු උනාම එයාට මම කීවා.

මං එයාව දැං ‘දන්නවා‘ උනාට බල්ලා එයාව අදුනන් නැ කියල දැනුනේ උ බුරාගෙන පැන්නම. බල්ලව එලවන්න ගත්ත උත්සහයෙන් වැඩක් උන් නැ. අම්මා දොර ඇරගෙන එලියට ආවා. මම කෙහෙල් පදුරකට අයින් උනා. බල්ලා මට ඉව කර කර එයාට බුරනවා.

‘කවුද ඔතන‘
අම්මා ඇහුවාම

‘පාර වැරදුනා මෙහෙන් යන්න පුළුවන් කියල කෙනෙක් මංව එක්කං අවා
මට පෙන්නේ මම අතරමංවෙලා‘‘

ඈ කිව්වා මාව බේරුව එක ගැන මගේ හිත ඈට පින් දුන්නත් සිද්ධ උනේ වෙනම දෙයක්
‘‘ දැන් කොහේ යන්නද ළමයෝ, ඇවිත් මෙහෙන් ඉන්න හෙට උදේම යන්න‘‘
සීදේවි නැන්දා ලතාවකට කීව්වා. එයත් පස්ස වත් නොබලා ගෙට ගියා..

මදුරුවෝ තල තල මම කෙහෙල් පදුරු අස්සේ පැයක් විතර හිටියා. එත් ගෙට යන්න හයියක් තිබ්බේ නැ. අමුත්ති මාව හදුන ගයිද,

‘‘මෙයා තමා මාව එක්ක ආවේ‘‘

එයා එහෙම කියයි..
පෙනෙද මේකා මෝඩයා උනාට තියන වල්කම
අයියලා කියනවා මට මැවිලා පෙනුනා
‘‘ශිහ් දැන් කෝමද කෑම එක ගන්නේ‘‘

මම මටම කියවගත්තා. පස්සේ කැලි පහේ චෝට් එකත්, කෑම එකත් අමතක කරලා හේනට ගියා.

මහන්සියයි කේනතියයි එක්ක මගේ දැත මැදගෙන හිටිය ආවේග නිවිල තිබුනේ
ඒ උනාට බඩගිනන්න නං උදේ වෙනකං වද දුන්නා..........
කමක් නැ මගේ කෑම එක අමුත්තිට දෙන්න ඇති.

_________________________________________________
පස්සෙනදා මම හිමීට කුස්සිය පැත්තෙන් ගෙට ගියා
අම්මා ලොකු අයියට දෙස් තියනවා මට ඇහුනා

‘‘මූංට උගන්නලා හැදුවට වැඩක් තියනවද හිතේ තියන ‘කුප්ප‘ ගතිය යනවද
අර ගැණි ඉන්න කාමරෙට එබුනනේ‘‘

මට කට කොනකින් හිනාවක් ගියා...............
..
 —
2

1 comment:

  1. සුපිරියි චන්දන අයියා (මැට්ටා) හිහිහිහි..

    ReplyDelete

අදහස් උදහස් සමසිතින් විද ගනිමි