....''කූල් බිම දන්සැල''.......ෂසික ගේට්ටුව අරින්නත් කලින්බයිසිකලේ වත්ත ඇතුලට දාන්න හදනව දැකල
මම උඩින් ගිහන් උට කෑගැහුව. 'උඩින් ගිහින්' කිව්වට කලබල වෙන්න එපා, මම හිටියේ ස්ලෑබ් එක උඩ (කොන්ක්‍රීට් වහලේ)
ස්ලැබ් එක තමයි අපේ සාකච්ඡා මන්ඩපය,
විපුල අයියගේ ගෙදර උඩුමහල හදල නැ,
ඉදල හිටල සෙට් වෙන්න
අපි යන්නේ එතැනට, ගෙට ඇතුල් වෙන් නැතුව එළියෙනම් යන්න පුළුවන් පඩි පේලියක් තියෙන නිසා විපුල නෝනා, ඒ කීවේ කාන්ති අක්කාගේන් දෝස් මුරයක් නැ.
අපේ ලේන් එකේ ගෙවල් 20 කට වඩා නැ. චමින්දලා කීප දෙනෙක් හිටියට විපුල අයිය ස්ව කැමැත්තෙන්ම චමින්ද පෝස්ට් එක බාර ගත්තා.
අපිත් එයාට එකගයි. මුලින් මොනා කීවත්, අන්තිම වෙන්නේ
අපිට ඕන දේ කියල අපි දන්න නිසා..
අද නිමිත්ත උනේ අනිද්දට උදාවෙන, වෙසක් පෝයට
දන්සලක් දෙන්න. කට්ටියම එකතු වෙනකං ඉදල විපුල අයිය කතාව පටන් ගත්තා. එයා ඒක පටන් ගන්න කලින් පුරුද්දකට වගේ විටක් හපන්න ගන්නවා. ඒක කරන්නේ නැති තලස්තෑනි කමක් හදාගන්න කියල කියන්න මගේ කට කැහුව,
''අපි හුග දෙනෙක් රජේ සේවකයෝ, අපි කන හැටි ලිපා දනී කීව වගේ
අපි අන්ත දුප්පත්, එත් වෙසක් එකට දන්සලක් දෙමු කියල සේනක මළය යෝජනා කලාම, මට හිතුනේ අපේ වෙල් දෙක තුනක් මග හැරල හරි මේක කරන්න ඕන කියල'' විපුල අයිය කතාව පටන් ගත්ත විදිහටම කාගෙත් උනන්දුව කීප ගුණයකින් වැඩි උනා විපුල අයියා කීවත් වගේ වෙල් 2 ක 3 ක සල්ලි වෙච්ච සීනි කිලෝ 3 ක්ම දෙන්න පොරොන්දු උනා,
''කූල් බිම දන්සැල''
ඒ පාර ඇරල තිබ්බ ගෙට්ටුවෙන් සමනයි, කූමාරයි ආවේ බොදු බැති ගීයක් කියාගෙන, වැඩේ නැගල යනවා, බීම වලට ඇසෙන්ස් එකක් ගමු ධර්මේ යෝජනා කලා.. කලිනම් පින් කරගන්න හිතිලා කාන්ති අක්කා, තේ බන්දේසියක් අරන් අවා. දැන් දැන් කාන්ඩේ වැඩී කිරි තේම 10 ක්
අසල් වැසියෝ නේ,
විල්සන් කතාව දේශපාලනය පැත්තට ගත්තේ වියදම් කරන්න විදිහක් නැති බව පෙන්නන්න, '' නොදකිංන් මුගේ ආංඩු, අතේ පිච්චියක් නැ..
ඒත් මමත් රු. 200/- දෙන්නං කියලා, එයත් සම්මාදං උනා..
''සුවදේ මට සීතල සුලග පවා'' ඒක ඇහුනේ ෂසික ගේ ෆෝන් එකෙන්.
කාලීන සංගීතේ, මං එනකං හිටපල්ලා අනිද්දා නිවඩු .. අරුණ එහෙම කිව්වාලු..ෂසික එහෙම කීවේ අමුතු හිනාවක් පාගෙන.
සෝම අක්කත් පැද්දි පැද්දී ස්ලැබ් එකට සේන්දූ උනා මෙගා බෝතල් දෙකකුත් ඇන්න. බීම බොන්න වීදුරු හදන්නේ මොකටද කියලා හිතුනේ බෝතලේ කට තියානම බොන අපේ චමින්දව දැක්කම
උට විට කාලා කට හේදුනවද මන්ද ?
දැන් එතකොට අවමංගාල්යා සමතියේ පුටුයි, ටෙන්ට් එකයි හරි,
එතකොට කෝප්ප, එකෙක් අහනවා, කොප්ප වලට අපි ඩ්රිස්ට්රොයිබල් ඒවා ගමු අපේ කම්පැණි එකේ දුන්න එකටත් ඒවා ගත්තා. වීණා කියනවා. ඇ තාලෙට කියවනවා බලන්න ආසයි...
අපෝ ගනං වැඩි එකක් 2.50 විතර වෙයි. බීම 1000 ක් දුන්නොත් 2500/- ගෙයි ජනෙලේ, කඩේ දොර කරං ඉන්න ජානක කියනවා උ කෝමත් කුනා
'හරි එනවා' කමල් එහෙම කියන කොට අපි හිතුවේ, අදහසක් අවා කියල
බැලුන්නං චූන් පාං සද්දේ ඇහිලා, මංඩපේ අවසරයන් නැතිවම ගිය කමලා අවේ, ටී බනිස් ෂොපින් බෑග් එකකට අරං
සද්දයක් නැතිවම උන්න චින්තක අහෙන, නොහැනෙන ගානට, අරුණට කෝල් එකක් ගන්නවා ''වයිට් 4 ක් ඇති එකක් මගේ ගානේ, ඉතිරිවා සැන්ඩි කරමු'' එයා සැන්ඩි කරනවා කියන්නේ එකතු කරල ගමු කියලා
එයා එක් ඇහෙන නොහැනෙන ගානට ගන්නේ බිරින්දට ඊළග මොහොත ගැන නොකියා කියන්නයි.
දන්සල සරුසාරෙට යනවා, විහිළූ තහළු වගේම, රස කතා,
වඩේ, මික්සර් වැඩේ තව රසවත් කලා, දිව්‍ය රථය අරගෙන අපු මාතලී දිහා බලනව අරුණ 57 ලයිට් ඒස් එක වත්තට ගන්නකොට කාන්ඩේ බලාගෙන උන්නේ.
නාලාගිරි ඇතාව මෙල්ල කරන්න ගියාට වඩා වෙහෙසක්, ස්ලෑබ් එකෙන් චින්තකයන බිමට බස්සගන්න උනා කියල මට මතක් උනේ පහුවෙනිදා
තැඹීලි ගෙඩි දෙකක් හිස් කරාට පස්සේ.....
නේ, දන්සල් දෙන්න අපේ අය ලෝබ නැ නේ.......
Wednesday, November 21, 2012
Subscribe to:
Post Comments (Atom)
හැදුව එහෙනම් ඈ??
ReplyDelete