Sunday, December 23, 2012


මං අමාරුවෙන් සපත්තුව ගැලෙව්වා 

ටිකක් වෙන්න‘ අරං‘ හිටිය නිසාම නෙවෙයි, බඩ වැඩි හින්දා
නැමෙන්න අමාරුයි. හිතින් බිරිදට දොස් කිය කිය මම මේස් එකත් ගලවල දැම්මා. බිරිදට මේකට ගෑඋනේ මේස් දාලා
සපත්තු දාගෙන යමු කියල කීවේ එයා නිසා. මොකද මම ආස කැෂුවල් අදින්න. අද බිරිදගේ යෙහෙලියකේ සාදයක්.

අමාරුවෙන් මේස් එක ගලවද්දි මේස් එක කටපිටට ගැහුනා
මට පොඩි කාලේ මතක් උණා. මේස් එක ඉස්සරහින්  ඇදල ගලවන්න කියල කීයල අම්මා මට නිතරම කියල තියනවා.

ගලවපු මේස් එක කනපිටට හැරිල තියෙනකොට
අපේ ‘හිතත්‘ මේ විදිහට කනපිට හරවල කාට හරි බලන්න පුළුවන් උනානං කියල හිතුනා.  එත් ඒක බලන්න පුළුවං පළමු තත්පරෙදීම තියෙන ඇදුම් ටිකත් ගැලවෙන බව දැනිල,
මටම හීන් හිනාවක් ගියා.

ඉස්සර අපේ ගෙවල් එළිය උනේ භූමිතෙල් ලාම්පු එලියෙන්
එකම එක චිමිනි ලිම්පුවක් සහ බල්බ් එකකින් හැදුව කුප්පි ලාම්පුවකින් අපේ ලෝකය එලිය උනා. ඒක අදුරුයි කියල උඩු හිතින් හිතුනට  කනපිට ගහපු හිතින් බැලුවම ඒක මාරම එලියයි.

කහපාට දැල්ලකින් කාමරේ එළිය වෙනවා. කුප්පි ලාම්පුව හදන්නේ මම. මම ඒකට වැඩ්ඩා. 

මං මගේ හිත තවපාරක් කනපිට ගහුව.

අපේ ගෙදරට භූමිතෙල් බෝතලයක් දවස් 3 කට විතර සෑහෙනවා. ගෙදර කඩේ යන කොල්ල මමම නිසාම ඒක පැවරුනේ මට. ගෙවල් ලග කඩවල් දෙකක් තියනවා එකක 4.25 ක් සහ අනකේ 4.75 ක්
මම ගෙදරට මගේ ලොකුම බොරුව කියන්න පුරුදු උනා.

‘‘භූමිතෙල් බෝතලයක් 4.75 යි අම්මා ‘‘

අහිංසක, දරුවන් බොරු නොකියයි කියල හිතන මාතවක් උන ඇය කිසි තිත්තක් නැතුව ලස්සනට මගේ ගුලිය ගිල්ලා. මම දවස් 3 කට පාරක් ශත පණහක් හොරකම් කරන - (චී ලැජ්ජ හිතෙතෙන වචනයක් ඒක) වංචා කරන කොල්ලෙක්

ශත පනහට මම කරන්නේ දිග රුලං කෑල්ලක් කන එක. අගල් 4 ක් විතර  දිග ටිෂූ කොලයකින් ඔතල තියන රුලං කෑල්ල කන්න මට කඩේ ඉදල වෙල දිගේ ගෙදර එනකම්ම බැ. 

මට රුලං කෑල්ලක් කෑමේ අයිතිය අහිමි කලේ සහෝදර. දවසක් මං අසනීපෙන් ඉන්න නිසා එයාට කඩේ යන්න උනා. එතකොට එයා ඉලන්දාරියෙක් නිසා කඩේ යන්න අදිමදි කරන කාලේ.  එදා ඉදල මට ශත පනහ අහිමි උනා. ශත පනහ වෙනුවට මාස ගානකට සෑහෙන්න හම්බ උනා. ශත පනහක් ගත්තා කියල නෙවෙයි. ඒක කීවේ නැ කියලා.

බොරු කරන්න කවුරුවක් කීවේ නැ. ඉගැන්නුවෙත් නැ.
අඩුගානේ ඉස්කොලේ යාළුවෙක්ට වත් කීවේ නැ. මොකද ඒක
නරක වැඩක් කියල මං දැනගෙන උන්න නිසා. ශත පනහේ සිද්ධිය මගේ හිතට වද දෙන දෙයක් වෙන්න ගත්තා.

‘මම මහ හොරෙක් ‘
මගේ හිත මටම කියන්න ගත්තා. 

‘මොකද තනියම හිනාවෙන්නේ‘ 

බිරිදගේ හඩින් මං ‘සිත‘ අවුරුදු ගානක් ෆෝවර්ඩ් කලා
මට හිනාගියේ  කනපිට ගහපු මේස් එක වගේ හිත් අනුන්ට බලන්න පුළුවන් නං කියල

එහෙනං අහුවෙන තරමක් අහුවෙන්නේ බඩු හොරු  නෙවෙයි ‘හිත්‘ හොරු ...........

ඇස් වලින් බලල හිත්වලින්  කරන වංචාව එක්ක  අර
 ‘ශත පනහ‘ මොකද්ද කියල  මට හිතුන ..........

---------------------------------------------------------------------------------

මං අනිත් මේස් එක අග්ගිස්සෙන් අල්ලලා ඇද්ද.




මං අමාරුවෙන් සපත්තුව ගැලෙව්වා

ටිකක් වෙන්න‘ අරං‘ හිටිය නිසාම නෙවෙයි, බඩ වැඩි හින්දා
නැමෙන්න අමාරුයි. හිතින් බිරිදට දොස් කිය කිය මම මේස් එකත් ගලවල දැම්මා. බිරිදට මේකට ගෑඋනේ මේස් දාලා
සපත්තු දාගෙන යමු කියල කීවේ එයා නිසා. මොකද මම ආස කැෂුවල් අදින්න. අද බිරිදගේ යෙහෙලියකේ සාදයක්.

අමාරුවෙන් මේස් එක ගලවද්දි මේස් එක කටපිටට ගැහුනා
මට පොඩි කාලේ මතක් උණා. මේස් එක ඉස්සරහින් ඇදල ගලවන්න කියල කීයල අම්මා මට නිතරම කියල තියනවා.

ගලවපු මේස් එක කනපිටට හැරිල තියෙනකොට
අපේ ‘හිතත්‘ මේ විදිහට කනපිට හරවල කාට හරි බලන්න පුළුවන් උනානං කියල හිතුනා. එත් ඒක බලන්න පුළුවං පළමු තත්පරෙදීම තියෙන ඇදුම් ටිකත් ගැලවෙන බව දැනිල,
මටම හීන් හිනාවක් ගියා.

ඉස්සර අපේ ගෙවල් එළිය උනේ භූමිතෙල් ලාම්පු එලියෙන්
එකම එක චිමිනි ලිම්පුවක් සහ බල්බ් එකකින් හැදුව කුප්පි ලාම්පුවකින් අපේ ලෝකය එලිය උනා. ඒක අදුරුයි කියල උඩු හිතින් හිතුනට කනපිට ගහපු හිතින් බැලුවම ඒක මාරම එලියයි.

කහපාට දැල්ලකින් කාමරේ එළිය වෙනවා. කුප්පි ලාම්පුව හදන්නේ මම. මම ඒකට වැඩ්ඩා.

මං මගේ හිත තවපාරක් කනපිට ගහුව.

අපේ ගෙදරට භූමිතෙල් බෝතලයක් දවස් 3 කට විතර සෑහෙනවා. ගෙදර කඩේ යන කොල්ල මමම නිසාම ඒක පැවරුනේ මට. ගෙවල් ලග කඩවල් දෙකක් තියනවා එකක 4.25 ක් සහ අනකේ 4.75 ක්
මම ගෙදරට මගේ ලොකුම බොරුව කියන්න පුරුදු උනා.

‘‘භූමිතෙල් බෝතලයක් 4.75 යි අම්මා ‘‘

අහිංසක, දරුවන් බොරු නොකියයි කියල හිතන මාතවක් උන ඇය කිසි තිත්තක් නැතුව ලස්සනට මගේ ගුලිය ගිල්ලා. මම දවස් 3 කට පාරක් ශත පණහක් හොරකම් කරන - (චී ලැජ්ජ හිතෙතෙන වචනයක් ඒක) වංචා කරන කොල්ලෙක්

ශත පනහට මම කරන්නේ දිග රුලං කෑල්ලක් කන එක. අගල් 4 ක් විතර දිග ටිෂූ කොලයකින් ඔතල තියන රුලං කෑල්ල කන්න මට කඩේ ඉදල වෙල දිගේ ගෙදර එනකම්ම බැ.

මට රුලං කෑල්ලක් කෑමේ අයිතිය අහිමි කලේ සහෝදර. දවසක් මං අසනීපෙන් ඉන්න නිසා එයාට කඩේ යන්න උනා. එතකොට එයා ඉලන්දාරියෙක් නිසා කඩේ යන්න අදිමදි කරන කාලේ. එදා ඉදල මට ශත පනහ අහිමි උනා. ශත පනහ වෙනුවට මාස ගානකට සෑහෙන්න හම්බ උනා. ශත පනහක් ගත්තා කියල නෙවෙයි. ඒක කීවේ නැ කියලා.

බොරු කරන්න කවුරුවක් කීවේ නැ. ඉගැන්නුවෙත් නැ.
අඩුගානේ ඉස්කොලේ යාළුවෙක්ට වත් කීවේ නැ. මොකද ඒක
නරක වැඩක් කියල මං දැනගෙන උන්න නිසා. ශත පනහේ සිද්ධිය මගේ හිතට වද දෙන දෙයක් වෙන්න ගත්තා.

‘මම මහ හොරෙක් ‘
මගේ හිත මටම කියන්න ගත්තා.

‘මොකද තනියම හිනාවෙන්නේ‘

බිරිදගේ හඩින් මං ‘සිත‘ අවුරුදු ගානක් ෆෝවර්ඩ් කලා
මට හිනාගියේ කනපිට ගහපු මේස් එක වගේ හිත් අනුන්ට බලන්න පුළුවන් නං කියල

එහෙනං අහුවෙන තරමක් අහුවෙන්නේ බඩු හොරු නෙවෙයි ‘හිත්‘ හොරු ...........

ඇස් වලින් බලල හිත්වලින් කරන වංචාව එක්ක අර
‘ශත පනහ‘ මොකද්ද කියල මට හිතුන ..........

---------------------------------------------------------------------------------

මං අනිත් මේස් එක අග්ගිස්සෙන් අල්ලලා ඇද්ද.
 

Thursday, December 13, 2012






ආදරය කියන්නේ ස්පර්ශයද
නැත්තං වෙන දෙයක්ද ?
______________________





‘මං පෙම්වතියකගෙන් සන්නද්ධ වෙලා හිටියේ‘

බෝඩිමේ කොල්ලොන්ට කෙල්ලෝ පිළිබද කතා රෑට යුධ පිටියක් වගේ. කොල්ලොන්ට කෙල්ලෝ හිටියේ නැ හිටියේ ‘බඩු‘ සහ ‘කෑලි‘.

‘මචං උඹ සිරාද ?‘

එහෙම අහන්නේ තමන් පිළිබද පට්ට තක්සේරුවක් තියනවා කියන එකයි.

මම එකෙන් අදහස් කරේ ඒකි හරි මදි නං වෙන එකියක් උනත්
ටක් ගාලා යාළු කරගන්න පුළුවන් තරං බොඩිමේ කොල්ලෝ දියුනුයි කියන එක.

ඒ උං කියන හැටි. මම ගොඩක් වෙලාවට කරන්නේ
හිනාවෙලා නිකං ඉන්න එක. මොකද මං පෙම්වතෙක් වෙන්න කෑව
කට්ට ගැන දන්නේ මං නිසා...

බොඩිම පරණ උළු ගෙයක්. ඉස්සරහ කාමර 2 ක තුන් දෙනා ගානේ 6 දෙනෙක් හිටියා. එලියේ බුදු මැදුරට අල්ලපු කාමරේ තව දෙන්නෙක් හිටියා
අපේ ‘හෑලි‘ පොට් එක එතැන.

දැනුම සහ රැකියාව ‘බඩුවක්‘ සෙට් කරගන්න සුදුසුකම නෙවෙයි කියල තේරුනේ මම බෝඩිමට ආව දවසෙමයි. එදා එලියේ කාමරේ ඉදල ගිය ලස්සන ඉටි රූපයක්වගේ කෙල්ල එක්කං ඇවිත් තිබුනේ අටවත් පාස් නැති
නිමලයා. වැල්ඩින් වැඩ කරන උගේ මූන යකඩ තහඩුවක් වගේ.

මට කෙල්ලන්ගේ ‘හිත්‘ ගැන හිතා ගන්න බැරුව උන්නේ.
එත් මම කවදාවත් පෙම්වතියගෙන් ඒ ගැන ඇහුවේ නැ. කැලි ගැන බඩු ගැන අහලා මං, මංම නසා ගන්න කැමති උන් නැ. යහපත් කොල්ලෝ, යහපත් කෙල්ලෝ, හැමතැනම. එත් ඒක එහෙම්මමද කියල මගේ හිත මුර ගෑවා.

එදා ලාන්තරස් දවසක්. අතේ සතයක් වත් තිබ්බේ වැඩ ඇරිල බොඩිමට එන ගමන යාළුවෙක් ගෙන් ලෝන් එකක් දැම්මා. මට රු . 500 ක් ගනින් කියලා උ මට 1000 ක් දික්කරා. ඒක මාරු කරන්න මං ලග තියෙන ලොතරැයි කූඩුවට ගියා.

‘වාසනා‘

ලොතැයි කූඩුවේ හිටියේ කෙල්ලෙක්. කෙල්ලෙක් කීවට මම ඒක හරියටම දන්නේ නැ. බෙල්ලෙන් උඩ මූන විතරක් පේන්න තිබ්බා. මම සල්ලි මාරුකරන්න අහන් නැතුව ශනිදාවක් ගත්තා.

බොඩිමට අපු වෙලාවේ ඉදල මට මැවුනේ අර වාසනා ගේ මූන.
හීන් දිගැටි හිනාවෙන කොට මූනේ වලවල් හැදෙන මූනක්
අහිසක පාටයි.

මම වාසනා ගැන කාටවත් කීවේ නැ. පස්සෙන්දා මම ලොතරැයියක් ගත්තා.
එයා පුරුදු විදිහටම හිනා වෙලා ලොතරැයිය දුන්නා. මගේ හිතට වෙලා තියන දේ මහා අරුමයක්. මට හැම තිස්සෙම ලොතරැයි කූඩුව මතක් වෙන්න ගත්තා.

මම පෙම්වතිටය ට තිබ්බ ‘ආදරේ ‘ සහ වාසනා ගැන තිබ්බ ‘හැගීම‘ තනිකරම දෙකක් කියල හිත රවට්ට ගත්තා.

‘එයා මගේ යාලුවෙක්‘

එත් මං වචනයක් වත් කතා කරල තිබ්බේ නැ. එහෙම කතා කරන්න ඕන කමක් තිබ්බෙත් නැ. එත් දවස් 3 කට වරක් වත් මම ලොතරැයියක් ගත්තා.
එත් එවා බැලුවේ නැ. සල්ලි නැති දවසට ඒක අරන් කූඩුව ගාවට ගියා
දිනුම්ද බලන්න නෙවේ
එයාගේ වල ගැහෙන මූන බලන්න.

මට වාසනා ගැන පෙම්වතීට කියන්න ඕන උනා. ඒත් ඈ මොනවා හිතයිද ?
මොනවා කියයිද ? මම මේක බෝඩිමේ කියන්න හිතුවා. හවස මං කීවා

‘‘මචං නුගේගොඩ හංදියේ ලොතරැය් කූඩුවක පට්ට කෑල්ලක් ඉන්නවා‘‘

මම සිතිවිල වචන කරා ඒක බොඩිං භාෂාවට අනුගත නැත්තං මු මාව
කනවා නියතයි..

‘උස්සපං‘

මං අයේ ඒ ගැන කියන්න ගියේ නැ. මොකද බෝඩිම කොල්ලෝ එක්ක ඊට වඩා සංවාදශීලී වෙලා පලක් නැති නිසා. මා ඒ වෙනකොට ලොතරැයි 50 කට වඩා අරං තිබුනා. මම පෙම්වතීව හමුවෙන්න දාගත්ත කාලයේ කිසිම වෙනසක් කලේ නැ. කිසිම අඩුවක් කලෙත් නැ. ඒත් යා යන ගමන් මට වාසනා මතක් උනා. මට එකනේ මිදෙන්න ඕන උනත් පුළුවන් කමක් තිබ්බේ නැ.

මං පුළුවන් තරං කරේ හුදකලා උන එක.
මට ලොකු අවුලක් තිබ්බා. ඒ වාසනා ගැන මගේ තිබ්බා හැගීමට දෙන නම ගැන

‘ආදරය‘

ඒක ගැන හිතන්නත් මම බය උනා මොකද මම දැනටමත් පෙම්වතෙක්.
මට ආදරෙයි කියල කටින්ම කියන කෙනකේ ඉන්නවා. එතකොට
මං වාසනාව අතාරින්න ඕනද ? ලොතරැයි නොගෙන ඉන්න ඕනද ?

අන්තිමේදී මම බොඩිමේ ටිකක් අහිංසක වගේ එකෙකුට මේ විස්තරේ කීවා
මට ඕන උනේම මගේ හිතට පොඩි සහනයක් දෙන්න.

‘මචං උඹ දෙන්නවම බැලන්ස් කරපං. උඹට වැඩියෙන් හිත ගිය කෙනා ලං කරන් අනිත් එකීට පොල්ල තියපං‘

උගේ ‘අනගි‘ එත් මට දිරවන් නැති උත්තරේ මම උටම දිරවගන්න ඇරලා
තුන් වන මාසෙටත් ලොතැරැයි තූඩුඩවට ගියා.

‘අයියා හවස මේ මේ පැත්තේ එන්න‘

ඇය ලොතරැයි භාෂවට පිට පළමු වාක්කිය කීවා. මම පෙම්වතී පලමු දවසේ කතා කරනකොට තිගැස්සුන කමටත් වඩා තිගැස්සුන හදවතකින් ඔළුව වැනුවා.

5.30 වෙනකොට මම ලොතරැයි කූඩුව ලග. අවුරද්දක පොඩි එකෙක්
කූඩුව ලෑල්ල උඩ ඉන්දලා හිටියා.

‘අයියා මේ මගේ දුව‘

මං හිතන්නේ පෙම්වතියටත් වඩා බෝඩිමේ යාළුවන්ටත් වඩා මාව තේරුම් ගත්ත එයා. එයා මාව ලප් තැනම ලොප් කලා............

-------------------------------------------

පස්සේ පෙම්වතී ගෙදරන් ගෙනාපු ආපු ලොකු අත්තක එල්ලුනා.

මම ආදරය කියන්නේ මොකද්ද කියල තාම දන් නැ..

‘ඒක කාමරයකට එක්කං යනවා කියන එකයි කියලා‘
බෝඩි කාමරේ කොල්ලෝ කීවට, උන් එහෙම්මද කියල මම දන් නැ......
 —

Wednesday, December 12, 2012



 ස්ත්‍රී දෝංකාරය
  ----------------


සිසිලක් දෙන්න,
‘ගිනිගත්තයි‘ කිව්ව හදවතට
දරු සෙනෙහසයි, පති භක්තියයි
මම තිබ්බා උකසට

ජීවිතයටම ගිනි තියලා
හිතක් පපුවක් නැති ලෙසට

ගිනි තැප්පා ඇය එකක
තුරුළුවෙලා සීතලට
------------------------

ඒත් මට දුක නැ .!
දුන්නේ ගන්නම නෙවෙන නිසා.........


Friday, November 30, 2012






        කැඹිලි තැඹිලිමයි
                 ______________________


මැට්ටා ! මෝඩයා ! මරියා !

කියලා මගේ වාසගමට ඉස්සරහින් දැම්මේ නැත්තේ මොකද කියල
මට හැම වෙලාවෙම හිතුනා. මොකද එහෙනං ‘ඒක මගේ නමනේ‘
කියල මට හිත හදා ගන්න තිබුනා...

ගෙදර ඉදල හේනට සෑහෙන දුරක් තිබ්බා... කෑලි 5හේ ටෝච් එකත් නැතුව පට්ට කරුවලේ වැටි වැටි මං ආවේ මාරම ජුවලෙන්, ඒක කොච්චර කේන්තියක් ද කියල කියනවනං මං මදුරුවට ගැහුව පාරට අත ඉදිමිල ආවා.
අල්ල පුපුරු ගැහැවා...

‘මං මෝඩ නිසාද මේව මෙහෙම වෙන්නේ‘

තිබ්බ එකම එක සිගරට් එක හේනේ පැලේ වහලේ හංගලා තිබ්බ
ගිනිපෙට්ටියෙන් පත්තු කරන ගමන් මට හිතුනා

මට දැනෙන කාලේ ඉදන් මං ගෙදර කොන් උනා...
‘‘උට ඉගෙන ගන්න බෑනේ, මල්ලි ට මොන පොත්ද , දැංම වත්තේ වැඩක් වත් ඉගෙන ගනිං‘‘
මේවා මට කඩ පාඩං.. මොකද අයියලා දෙන්නම, අම්මට අනුව
ඉගෙන ගත්තා සාමාන්‍ය පෙල උසස් පෙල පාස්...
දැන් කලිසමක් ඇදං රස්සාවකට යනවා..

මම අන්තිමට ගියේ 6 පන්තියට අයියලා වගේ 5 පාස් වුනේ නැති නිසා
මම නිකම්ම මැට්ටෙක් උනා..

‘‘උඹලා කාපල්ලා කලා හොදට ඉගෙන ගනිල්ලා ‘‘

කියල අම්මා කීවේ මට කන්න එපා කියන්නා වගේ. තාත්තා කොහොමත් නිහඩ මනුස්සයා. උන්ද වවපු හේනනේ පැලේ තමා අද මගේ දවසේ
සතුටුම, වගේම කාන්සිම පැය ගෙවෙන්නේ.

අයියලා වගේම මාත් ටික ටික ලොකු උනා උන් උගත්තු උනාට
මට වගේම බඩගිනි වෙනවා, මං වගේම වතුර බොනවා, යාලූවන්ගේ පාටි කියල බියර් බීල ආවට අම්මා මුකුත් කීවේ නැ..

‘තෝ එහෙම රා පොල පැත්තේ ගිහින් තිබ්බොත්නේ‘

අම්මා එහෙම කීවම ඒ දවස්වල මට හිතුනේ විබාග පාස් කරාම බොන්නත් අවසර ලැබෙනවා ඇති කියල..

මම ඉස්කොලේ නොගියත් හේනට ගියා. වැඩකරන්න ම නෙවෙයි,
තනියම ඉන්න. මොකද අයියලා දෙන්නා හින්දා ගමේ එව්වොත් මට
පාච්චල් කරන්න අරන් තිබ්බේ. මම හේනට වෙලාම කල් ඇරියා..

තාත්තා අසනීප උනා. මම හේනටම සින්න උනා. කෙසෙල් කැනක් එළවලු ටිකක් විකුණුප සල්ලි නිසා අම්මා ඉස්සරවගේ කෑගහන්න එන්නේ නැ..
හවසට බත් එකක් බැදල දෙනවා මට හේනට ගෙනියන්න. අම්මා මට
අකාරුණීක උනාට ගමටම කාරුණිකයි.

‘සීදේවි නැන්ද‘

ආදරය ගැන මගේ හිතේ තිබ්බේ තරහවත්, මොකද මට ආදරේ කියල දැනිල තිබ්බේ, වැඩිහිටියන්ගේ, ගමේ එවුන්ගේ සමච්චලේ විතරයි.

‘‘මටත් කෙල්ලෙක් හිටියනං‘‘
කියල මට හිතුන වාර අන්නතයි. අයියලා ඉගෙන ගත්තා කියලා උන්ට දැනුන බඩගින්නම තමයි මටත් දැනුනේ.

පසුයි මඩයි එක්ක ඉන්න මං දිහා කෙල්ලෝ බලාවී ද?
අනික පුංචි ගං මඩිත්තක් වේචචර මුළු ගමටම මම ගොන් මරියා වෙලා ඉවරයි මම !

‘‘ට ඔන උනේ ගෑනියක් මිසක් ආදරයක් නෙවෙයි.‘‘

මට තොට දී, ගමේදී, මගේ ඇස් ගෑණියෙක් හෙව්වා ඒ ඇස්වල රාගය ඇද්දයි බැලුවා. එත් මගේ හිතට වඩා හැමවෙලාවෙම ඇග සංවර උනා.

කෙනෙක්ගේ හිතේ වල් කම මනින්න පුලුවන්නං ම උපරිමය පාස් කරල උන්නේ... ඒත් මොඩකමටද මන්දා මම ඇගට තරංචි දාගෙන උන්නේ..

දන්න කියන ගෑනු අය එක්කෝ මට කියල පොල් ගෙඩියක් කොස් ගෙඩියක් කඩවා ගත්තා අනේ පුතේ, අනේ මල්ලියේ කියල..
උන්ගේ ඇස්වල තිබ්බේ

‘කපටිකම‘

අනිත් උං මාව ගනන් ගත්තෙම නැ..

සිගරට් එකත් ඉවර.යි බඩ පනුවේ හොද ගානට වද දෙනවා

මම හවස කඩමංඩියට ගියේ කෙසෙල් කැනක් දෙන්න.
ආපිට එද්දී මං ඇස්වලින් මැන මැන ගිය විදිහේ කෙනෙක් පාර ඉස්සරහට ආවා. ගොම්මන වැටීගෙන එන වෙලාව.

මල්ලී ටවුමට දුරද ?
එයා මගෙන් ඇහුවා..

‘ඔවු අක්කේ එත් දැන් බස් නැ...වීල් එකක ගියෙත් 600 ක් විතර ගයි.
අක්කා කොහෙද ආවේ මේ වෙලාවේ‘

‘රැවටිල්ලකට අහු උනා මල්ලී මට දැන් යන්න තැනන් නැ‘
එයාගේ අතේ 600 ක් නැ මට ඒක දෙන්න හිතුනත් මම කිව්ව වල් හිත
නලියන්න ගත්තා.

‘මං ඉන්නේ හේනේ පැලක‘ කැමති නං ඔයාට ඉන්න පුළුවන්‘
මම අක්කා වෙනුවට ඔයා කියන්න තරං නිර්භීත උනා

‘ලොකු දෙයක් අනේ‘ ඇයගෙන් රුකුලක් ලැබුනා

එතැන ඉදල මං ‘හීන‘ ගොඩක් මැව්වා.කොටින්ම දතකට මැද්දා.
මම එයාට වඩා ටිකක් ඉස්සරිහින් ගියේ ගමේ ඇස් වලින් හැංගෙන්න.

‘‘ඔයා ඔහොම ඉන්න මං කෑම එක අරං එන්නං‘‘

ගේ ගාව ට කිට්ටු උනාම එයාට මම කීවා.

මං එයාව දැං ‘දන්නවා‘ උනාට බල්ලා එයාව අදුනන් නැ කියල දැනුනේ උ බුරාගෙන පැන්නම. බල්ලව එලවන්න ගත්ත උත්සහයෙන් වැඩක් උන් නැ. අම්මා දොර ඇරගෙන එලියට ආවා. මම කෙහෙල් පදුරකට අයින් උනා. බල්ලා මට ඉව කර කර එයාට බුරනවා.

‘කවුද ඔතන‘
අම්මා ඇහුවාම

‘පාර වැරදුනා මෙහෙන් යන්න පුළුවන් කියල කෙනෙක් මංව එක්කං අවා
මට පෙන්නේ මම අතරමංවෙලා‘‘

ඈ කිව්වා මාව බේරුව එක ගැන මගේ හිත ඈට පින් දුන්නත් සිද්ධ උනේ වෙනම දෙයක්
‘‘ දැන් කොහේ යන්නද ළමයෝ, ඇවිත් මෙහෙන් ඉන්න හෙට උදේම යන්න‘‘
සීදේවි නැන්දා ලතාවකට කීව්වා. එයත් පස්ස වත් නොබලා ගෙට ගියා..

මදුරුවෝ තල තල මම කෙහෙල් පදුරු අස්සේ පැයක් විතර හිටියා. එත් ගෙට යන්න හයියක් තිබ්බේ නැ. අමුත්ති මාව හදුන ගයිද,

‘‘මෙයා තමා මාව එක්ක ආවේ‘‘

එයා එහෙම කියයි..
පෙනෙද මේකා මෝඩයා උනාට තියන වල්කම
අයියලා කියනවා මට මැවිලා පෙනුනා
‘‘ශිහ් දැන් කෝමද කෑම එක ගන්නේ‘‘

මම මටම කියවගත්තා. පස්සේ කැලි පහේ චෝට් එකත්, කෑම එකත් අමතක කරලා හේනට ගියා.

මහන්සියයි කේනතියයි එක්ක මගේ දැත මැදගෙන හිටිය ආවේග නිවිල තිබුනේ
ඒ උනාට බඩගිනන්න නං උදේ වෙනකං වද දුන්නා..........
කමක් නැ මගේ කෑම එක අමුත්තිට දෙන්න ඇති.

_________________________________________________
පස්සෙනදා මම හිමීට කුස්සිය පැත්තෙන් ගෙට ගියා
අම්මා ලොකු අයියට දෙස් තියනවා මට ඇහුනා

‘‘මූංට උගන්නලා හැදුවට වැඩක් තියනවද හිතේ තියන ‘කුප්ප‘ ගතිය යනවද
අර ගැණි ඉන්න කාමරෙට එබුනනේ‘‘

මට කට කොනකින් හිනාවක් ගියා...............
..
 —
2

Sunday, November 25, 2012








"The Black Heven"
          ____________________

‘පුලස්ති දේවසිරි‘ කියන්නේ මාගේ ඥාති සොයුරෙක්
මාසයක් දෙකක් වැඩිමල් උනාට ඌ මට කීවේ පොඩි මළය කියලා..
දේවසිරිව, කාටවත් ඇල්ලුවේ නැ, හම්පඩ ඩෙනිම් එකක් ලොකු ෂර්ට් එකක් ඇදල හිටිය ඌට අගල් 6 ත් විතර රැවුලක් තිබ්බ..


දේවා ගෙදර එනවට මගේ හාමිනේගේ කැමැත්තක්
තිබ්බේ නැ ඒකට හේතු උනේ කිසිම දේක වටිනාකමක් ඌට දැනුනේ නැති හින්දා, අගේ කිරීමක් නැති හින්දා.

මම ‘එල් ඊ ඩී ත්‍රිමාන‘ රූපවාහිනියක් ගත්තා. මිනිහා කීවේ මෙහම කතා
වක්

‘‘පොඩි මල්ලී
අපි කනවා එකෙන් වැඩ කරනවා ශක්තිය නැති උනාම
අයෙම කනවා‘‘

‘‘ඉතිං‘‘

මම කීවේ කේන්තියෙන්, ඒක අමුතුවෙන් කියන්න ඕන දෙයක් යැ...

‘‘වෙන්න ඕන ඕන් නැති දේවල් වලට ශක්තිය දෙන්න කෑම නොකා ඉන්න එක‘‘ කියල මිනිහා නෝන්ජල් හිනාවක් දැම්මා.
--------------------------------------------------------------------------
අද උදෙන්ම හාමිනේ ඉස්කොලේ සමීතියකට ගියා
මම අලුතින් ගත්ත රූපවාහිනිය පණ ගන්වන්න කලින්,
හදුන් කූරක් පත්තු කරා. ඊට පස්සේ සිගරට් එකක් පත්තු කරගෙනම, රූපවාහිණිය පණගැන්නුව.. කන්නාඩි දෙක දාගනෙ මම රූපවාහිනේ වෙලාව තිබ්බා

2012 11 25 උදේ 9.10 යි

පස්සේ මම චැනල් එකකට ටියුන් කලා
ඉස්සරවෙලාම ආවේ කළුසුදු පසුතලයක් ‘‘පරණ කතාවක් වෙන්න ඇති‘‘
මම මටම කියාගත්තා. එත් මාගේ ඇගේ රෝම කෙලින් වෙන්න ගත්තේ
රූපවාහිනේ මම යෙදූ දිනය දැක්කමයි ඒක දිස්වුනේ

1782 11 25 කියලා

මම විමතියෙන් ගල් ගැහිලම රෑපවාහිනියට කිමිදුනා

ඒක ගැමි පරිසරයක සවස 7 ට වගේ කාලයක්. එතැන උන්න එක චරිතයක් ‘‘මම‘‘ කියල මට හිතුනා. වයස 20 ක විතර මම මගේ ඇස්වලන් දැක්ක දේ රූපවාහිනියෙන් පෙනුනා.

"කැකුණතෙල්" පන්දම් කීපයක් පත්තු වෙමින් තිබුනා. කුඩප්පචිචි නයෙක් ගහල මැරිලා. උන්දා වල දලා අපි මල ගෙදර මිදුලේ උන්නේ.
සේතං මාමා බුලත් විටක් හපනවා. ‘දේවසිරි‘ අයියා පිලේ ඈදිගෙන උන්නා. සුදු සරමක් ඇදං උන්න උගේ රුවුල වැවිලා තිබුනා.

ඇගිලි දෙක අතරින් කෙල පාරක් ගහපු සේතං මාමා කියවන්න ගත්තා.

‘‘ලොකු හාමුදුරුවන්ගේ අපූරු බණ ටික. කට්ටිය මීක් නැ‘‘

‘‘අනේ ඔවු‘‘ මට කියවුනා ‘මලී‘ දොරලගට අවිත් හිනාවෙලා ගියා

‘‘එතකොට ඒ කාලේ හාමුදුරුවොන්ට උඩිං යන්න පුළුවන්ද ?‘‘

උක්කු අහපි. දේවසිරි හිනාවක් නගාගෙනම උත්තර දෙන්න ගත්තා

‘‘නැ මලේ හාමුදුරුවෝ උඩින් ගියේ නැ. යන්න ඕන තැනට රැස් යවල එතැන රූපයක් මැව්වා විතරයි. ‘‘

‘‘එතකොට හාමුදුරුවෝ කීවේ උඩින් යනකොට බවලත්තු නානාකොට දැහැන බිදිලා බිම වැටෙනවා කියලා‘‘ උක්කුං ප්‍රති උත්තර බැන්දා

මට මලීව මතක් උනා එකි නානකොට ඔළුවේ, තලපු ගොඩපර ගෙඩියක් ගානවා විතරක් නෙවෙයි දිය රෙද්ද දෙපාරක් ,තුන්පාරක් කඩල අදිනවා..
ඒං ඒ වගේ එකියක් දැක්කනං බිම තමයි........

‘දැනං පොඩ්ඩා මලයා ට උනේ ඒ වගේ දෙයක් හිතේ රැස් ඇරියා ලිද ගාවට හොදයි නැ කියපං....‘‘ දේවසිරියා කිව්වා ..

මම ලැජ්ජාවෙන් බිම බලාගත්තා දේවසිරි වටේට පත්තු කරල තිබ්බ පන්දම් මිදුලට ගෙනාවේ අපේ අම්මගෙන් බැනුම් අහ අහ. ඌ ඒක එක පේලියට හිටෙව්වා ඊට පස්සේ අපි ඔක්කොමට අඩ ගහලා .....

‘‘ බුදු හාමුදුරුවෝ" කීව එක හුගක් අයට තේරුනේ නැ. මේක අහපල්ලා
මෙතැන තියන පන්දම් පහ කියන්නේ ඇස ,කන, නාසය ,දිව ,ශරීරය, මේ කොනේ තියෙන්නේ "සිත" කියන පන්දම.. දැන් හිතාපල්ලා මේ එක එක පන්දම මම නිව්වම මොකද වෙන්නේ කියල
හයවෙනි පන්දම නිකම්ම නිවෙනවා... ඒකියන්නේ ශරීරේ මැරුණම හිත මැරෙනවා. උන්නාන්සේ කීවේ ශරීරේ නොමරා, මරා හිත හයිය කරගන්න කියලා, ඒ කීවේ භාවනා කරලා ඔය පන්දම් තාවතාලිකව නිවන්න කියලා...
එතකොට 6 වෙනි පන්දමට තෙල් වැඩියෙන් එන නිසා ඒක ලොකුවට දැල්වෙනවා... ඒකියන්නේ රැස් විහිදෙනවා කියන එක. ඒ රැස් නැත්තං නැත්තං කිරණ වලින් තමයි අර කීව විදියට තැන තැන රූප මැව්වේ‘‘

--------------------------------------------------------------------------
"කවදා හරි මේ ගෙයි ඉස්සරහ තියන මෙසේ තියන වීදුරුවක ගමේ පන්සලේ කියන බනක් දැක්කොත් උඹලා පුදුම වෙන්න එපා", ඒක වෙන්නේ කිරණ වලින්, හරියට "අන්ජනම" වගේ...
--------------------------------------------------------------------------

‘‘අම්මපා‘‘ මට කියවුනා

‘හිතපං පොඩ්ඩා දිවිය ලෝකේ බන කියන්න, ලංකාවට තුන් පාරක් එන්න
උන්නාන්සේ ආවේ ගියේ කොහොමෙයි කියල, මෙන්න මේ ‘කිරණ‘ වලින්... මට තිබ්බ ගැටළුව එතරම් කිරණ හදාගන්න උන්නාන්සේ ශක්තිය හදාගත්ත විදිහ..‘‘

‘‘කාලනේ බං අයියේ‘‘ මං කීවේ ඔලොක්කුවට.

ඊට පස්සේ වැස්සේම දේවසිරි නොපෙනී ගියා

---------------------------------------------------------------------------
මම රූපවාහිනියෙන් ඇස් ඉවතට ගත්තා
එත් අයෙමත් මාව පුදුමයෙන් පුදුමටපත් පත් උනා ,උන රෝගියෙක් වගේ මාව ගැහෙන්න ගත්තා
රූපවාහිනියේ දැන් දිනය වැටුනේ

2242 11 25 විදිහට

ලා නිල් පාටකින් රූපවාහිනිය වර්ණ ගැන්විල තිබුනා

-------------------------------------------------------------------------
ඒක ඉමක් කොනක් නැති විශාල වහලයක් වගේ එකක්
එතැන හිටියේ අවු 30 කට වඩා අඩු අය මම අවු 20 ක විතර චරිතයකට පන පොවමින් හිටියා...

තැන තැන කෙල්ලෝ කොල්ලෝ විනෝදෙන් ඉන්නවා. එකම විදිහේ ගොඩනැගිලි විතරයි, මට පිපාසයක් දැනුනා. එ සැනින් වතුර බෝතලයක් අතින් ගත්ත යන්ත්‍රයක් මා ඉදිරියට ආවා, මම කිව්වේ නැ, හිතුවා විතරයි..
කෙල්ලන්ගේ අතින් අල්ල ගත්ත කොල්ලෝ කාමරවලට ගියා කිසිම තහනමක් නැ..

‘‘පොඩි බ්‍රදර්‘‘

මගේ හිතට කවුද කතා කරනවා වගේ දැනුනා මම ඒ පැත්තට ගියා දෙරවල් කීපයක් ඉබේ ඇරුනා...

ඉස්සරහින් දේවසිරි වාඩිවෙලා හිටියා
‘දේවා‘ මට කියඋනා. මට සියල්ල අපහැදිලියි.

‘‘ඉන්න මම තේරුම් කරන්නං ඔයා දැන් ඉන්නේ වර්ෂ 2242

2010 දී විතර ලෝකයේ විද්ද්‍යඥ්ඥයින් ඉරාන සහ පාකිස්තාන පොළව යට තිබිල අළුත් මූලද්‍රව්‍යක් හොයා ගත්තා ඒක g88* ඒක රත්තරන් වලට වඩා ශත්කිමත් සුනම්‍ය ශක්තිමත් ලෝහයක්, ඔවුන්ට ඒක ඕන උනේ, විකිරණ වලින් ආරක්ෂා වෙන්න ලොකු ආස්තරණයක් වගේ එකක් හදන්න.......හරියට ලොකු කූඩාරමක් වගේ එකක්.
ඔවුන් ඒක සහරා කාන්තාරේ අත්හදා බැලුවා. සාර්තක උනා ඔවුන්
2020 ඉරාණයට සහ පාකිස්ථානය ට ප්‍රහාර එල්ල කරලා සියළුම g88* ටික ගත්තා ඒවයින් සහරාවල අති විහාල කූඩාරමක් හැදුවා
දැන් ඔයා ඉන්නේ එකේ කුඩා තැනක‘‘

මට පුදුමයි මම අහගෙන හිටියා....

‘‘ 2050 දී මේකට විරුද්ධව ලෝකෙම යුද්ධ ඇති උනා ඒ ගොල්ල අති විශාල ප්‍රමාණයක් න්‍යාෂ්ඨික අවි මුදා හැරලා ලොකෙන් භාගයක් විනාශ කරා. දේශපාලකයෝ සහ සල්ලි තියෙන මිනිස්සු ගෙවල මේ කූඩාරමට ආවා. මෙතැන විකිරණ වලින් ආරක්ෂිතයි..‘‘

‘‘පුදුමයි දේවසිරි මොකද මෙතැන කරන්නේ..‘‘ මම ඇහුවා

මට ප්‍රශ්න කෝටියත් තිබ්බා. ඇයි මහළු අය නැත්තේ, රක්ෂාවල් නැත්තං වගාවල් වගේ දේවල්... මොකද මම අවේ 2012 ඉදල නිසා.

‘‘ඉන්න මම පැහැදිලි කරන්නම්‘‘ දෙවා නිසොල්මනේ කියාගෙන ගියා

"මිනිස් සිතින් මුදාහරින තරංග තරම් විශිෂ්ඨ දෙයක් ලෝකේ නැති බව මට තේරිල තිබුනා".. බුදු හාමුදුරුවෝ භාවනා කරල කලේ, අනිත් අවයව තාවකාලික අඩපන කරල, මිනිස් සිතින් තරංග මවපු එක, ඒක
ජනපදකල්‍යානි වෙනුවෙන් යාමා මහ පෙලහර පාන්නත්, රුවන් ගෙයක් මාවාගෙන භාවනා කරන්නත් යොදාගත්තා..

‘‘මම පුළුවත් තරම් පරේශණ කරල ඒකට ක්‍රමයක් හොයාගත්තා ඒක මම මීට කලකට ඉස්සර G 88 ටීම් එකට දුන්නා. එකේ ප්‍රතිපළයක් හැටියට G88 පාලකයෝ වෙච්ච අපි අමරණීය උනා... ඇත්තටම මේ තියෙන්නේ කිරණ විතරයි.. ඒවාට ශක්තිය දෙන්න මිනිස්සු දාස් ගානක් සුවසේ නිදාගන්නවා...‘‘

‘‘මට තේරෙන් නැ ‘‘ මම කිව්වා

‘‘ඔයා වැඩිහිටියෝ දැක්කේ නැනේ.. අපි අවුරුදු 30 න්පස්සේ හැම කෙනෙක්ම මැරෙනකං ස්වාභාවික නින්දකට දානවා‘‘

දේව මට ස්ක්‍රීන් එකක් ඇරල පෙන්නුව. මිනිස්සු දස දහස් ගානක් පොලිමට නිදි - බට වලින් කෑම දෙනවා එයාල පංච ඉන්ද්‍රියම නිදි ගන්නවල මනිසින් උපද්දවන තරංග ලොකු පෙරුම් උපකරණයක යවනවා
එ ශක්තියෙන් තමයි දේවා ඇතුලු පාලකයන් නොමැරී ජීවත් වෙන්නේ...

‘‘අපේ දවසක් වෙනුවෙන් මිනිසුන් 10 ක් දින 50 ක් නිදාගන්න ඕන, දැන් අපිට පිරිස මිදිවෙලා තියෙන්නේ ඒක නිසා අපිට ඕන පුළුවන් තරම් ළමයි හදවන්න. ඔයා ඉස්සර වෙලාම දැක්කේ ඒක. මලී ඉන්නවනං ඔයාටත් පුළුවන්.‘‘

දේවා හිනා උනා

‘‘තව එකක් ඔයා බ්ලු ටූත් ගැන දන්නවනේ මෙහෙත් එ වගේ සිතන හැම දෙයක්ම යන්ත්‍ර වලින් කොපි කරගනන්වා ඒක ඒ වෙලාවෙම ලබා දෙනවා
ඔයාට දුන්න වතුර බෝතලේ වගේ.ඒක නිසා මේක 7 වන දිවියලෝකේ කියල මිනිස්සු හිතනවා. තව මිනිස්සු හිතන හැම පරිසරයක්ම අපි හොලේග්‍රෑම් වලින් මවනවා... ගංගා දිය ඇලි විතරක් නෙවේ අතීත පරිසර පවා...ඒ වගේම සියළු ආහාර නිෂ්පාදන කරන්නේ යන්ත්‍ර..‘‘

දේවාට සතුටුද ? මම අනවශ්‍ය ප්‍රශ්නයක් ඇහුවා...

නැ පොඩි බ්‍රදර් මම උඹව 2012 ඉදන් මෙහෙට ගෙන්නුවේ මේක මහ අපරාධයක් කියල කියන්න, කීප දෙනෙක් අමරණිය වෙන්න ලක්ෂ ගානක් ජීවිත වලින් වන්දි ගෙවන්න ඕන, ඒත් දැන්නං මට කරන්න දෙයක් නැ

මම බුදු දහමේ අර්ථය වැරදියට යෙදෙව්වා....

______________________________________________
ටිං ටිං

දොරේ බෙල් එක වදින සද්දයක් ආවා
හාමිනේ ඇවිත් !
මම සිගරට් කොට ටික කොමඩ් එකට දාලා දොර ඇරියා...

‘‘දන්නවද අන්න දේවා ඇක්සිඩනට් වෙලා‘‘
මං හිතන්නේ.......

මට අයෙම හීන් දාඩිය දැම්මා

--------------------------------------------------------------------------
කුරුළු නිස්කලංකට විශේෂ ස්තූතිය

මෙහි එන ධාර්මික කරුනු සහ විද්‍යාත්මක කරුනු
නිර්මාණ පමණි...

Wednesday, November 21, 2012