''මට සාස්තර කියන්න පුළුවන්''මම එහෙම කියනකොට කොච්චියේ උන්න 10 කගේ විතර
ඇස් මාව හූරං කන්න වගේ මගේ දිහාට එල්ල උනා....
මම කිසිම ගානක් නැතුව එහෙම කීවට වට පිට බැලුවේ නෑ
දැන් මගේ ඉස්සහ ඉන්න පරාජිත ගැහැනියගේ ඇස් කෙලින්ම මගේ මගේ ඇස් වලට එල්ල වෙලා
ලෑලි බංකු වලින් සමන්විත කෝචිච පෙට්ටිය තාලෙකට පැද්දෙනවා
තවත් ස්ටේෂමක් පහුඋනා විතරයි.
මම කොටුවෙන් කෝච්චියට නැග්ගේ උදේ 5.50 ට විතර
ගමනාන්තය හාලි ඇල. සතියේ දවසක් නිසා වැඩිට සෙනග හිටියේ නැ..
හුග දෙනෙක් නාවලපිටියෙන් බැස්සා...
මම කම්මැලි කම යන්න හුගක් වෙලාවට කරන්නේ කන එක,
කඩල, වඩේ, රොටී තේ, කාලම එපා වෙලා උන්න මං කවුලුවෙන් ඇත
කදු උඩින් කමකට නැති සිතිවිලි ටික පා කරල යවන්න
ට්රයි එකක් දෙමින් උන්නා
ස්ටේෂන් ගැන මට වැඩි වැටහීමක් තිබ්බේ නැ. මම නවත්තන හැම ස්ටේෂන් එකක් දිහාම හොදට බැලුවේ මගේ කවුරු හරි මේ ස්ටේෂමක
අමතක වෙලා ගියා වගේ...
කවුරු හරි කීවේ ස්ත්රී පරාණයකට
ඔන්න අපේ කතා නායිකාව ඉන්නවා ස්ටේෂන් එකේ ඇ එක අතකින් වැසිය හැකි මල්ලක් සහ අනිත් අතින් කුඩා දරුවෙක් වඩාගෙන කොච්චියට නැග්ගා. ආසන තැනින් තැන පිරිල මට ඉස්සරහ, ඒ කිව්වේ මම කකුල් දෙක තියාගෙන ආපු සීට් එක මම කකුල් දෙක අරගෙන ඈට පිරි නැමුවා...
වයස 24 ක් 25 ක් ඇති, මට එහෙම හිතුනා. දිග සායක් බ්ලවුස් එකක ඇදගෙන උන්න ඇගේ අතේ උන්න දරුවට අවුරුද්දක් විතර ඇති.
ඈ දරුවත් එක්ක මොනවද කියවනවා. හරියට පොඩි එකාට තේරෙනව වගේ මට හිනාවක් ගියා.
'පුතේ අයිය මොනා කරනවද දන් නැ' ඈ කියවනවා. ඒ කියන්නේ ඇයට තව දරුවෙක් ඉන්නවා. මම ඉස්සහ ඉන්න ඇගේ මූන දිහම බලාන උන්නා
බිම බලාගෙන ඉන්න ඇගේ ඇහි බැම ගාව සීරුම් පාරක්, ඇස් රතුවෙලා,
ඇදුම් ක්රමවත් නැ.
මූනට වැටුන මගේ ඇස් නතර උනේ අගේ දරව වඩාගෙන ඉන්න අත ගාව.
ලොකු සීරීම් තුවාලයක්
දැන් මම 'රහස් පරීක්ෂක' වැඩේට බැස්සා ඒ කියන්නේ ඕපා දූප සෙවීමේ නිල ක්රියා වලියට. ඇගේ මල්ලෙන් ගත්ත සූප්පුව සහිත වතුර බෝතලයක්
පොඩි එකාගේ කටට තිබ්බා. ඒ කිරි නොවන නිසා පොඩ්ඩා සද්දේ දාන්න ගත්තම මට සියල්ල 'මීටර්' වෙන්න ගත්තා
මම සියලු නිරීක්ෂන වලට පස්සේ නිගමනයට ආවා...
''මෙයා තරහවෙලා යනවා අනිත් දරුවව දාලා''
''ඔයා ඔය තරහාවෙලා ගියාට ගෙදර ඉන්න පිරිමි දරුවට අපලයි''
මටම පුදුමයි මම එහෙම කීවා
එක එල්ලේ මා දිහා බලපු ඇය ''මම තරහවෙලා යනවා කීවේ කවුද''
කියල ඇහුවා.
''මට සාස්තර කියන්න පුළුවන්''
මම ටිකක් හයියෙන් කීවා. ඇය බිම බලාගත්තා. මගේ නිගමනය හරි කියලා විශ්වාසයෙන් මම දිගටම කියවගෙන ගියා
''ඔයා, ඔය මහත්තයා එක්ක තරහවෙලා ගියාට, දාලා ගිය පොඩි එක්කෙනාට අපලයි, දැන් එයා ඉන්නේ කා එක්කද ? මට පේන හැටියට එයා හෙට වෙනකොට ලොකු අනතුරකට ලක්වෙනවා''
මම කියාගෙන ගියා. ඇය අඩන්න ගත්තා එහා ආසනේ උන්න නැෂනල් එකක් ඇදගත්ත 50 ක 60 ක විතර වැඩිහිටියෙක් වැඩි විපරමක් දාලා මං ගාවට ආවා..
''ඇත්තද පුතා මොකද වෙලා තියෙන්නේ'' මාමා මගෙන් අහනවා
මෙයාගෙන්ම අහමු මම යෝජනා කරා, ''ඇත්තද මේ, මොකද උනේ,''
ඔහු කරුණාවෙන් ඇහුවා.
ඔවු අපි රන්ඩු කරා මම අම්මලගේ දිහා යනවා, ඇය කීවා
''එතකොට තව ළමයෙක් ඉන්නවද ?'' මාමා අහනවා. '
'ඔවු එයාව එහා ගෙදර නවත්තලා අවේ මට දෙන්නම එකපාර ගෙනියන්න බැරි නිසා. ඇය අඩමින් කියනවා...
රන්ඩු උන කාරනය හැටියට රූපවාහිනිය අලුත් වැඩියා නොකිරීම හේතුවක් වී ඇතර, ''ටිකක්'' අරං අපු නිසා ''දෙකක්'' දී අති බවත් ඇය පාපෝච්චාරය කලා.
ගෙදර දාල අපු දරවට මාරකයි, ඔයා ආපහු යන්න ප්රශ්නේ හිමීට විසදගන්න මම, මාමාගේ මාමා චරිතෙට පන පෙව්වා.
ඈ මාව විශ්වාස කරන්න ගත්තා හැටන් දුම්රිය ස්ථානයෙන් බහින බවත් මල්ලිත් එක්ක නැවත සිය නිවසට යන බවත් මට 'වැද' පවසා ස්තූති කරමින් ඈ හැටන් ස්ටේෂන් එකෙන් බැස්ස....
පුතා මටත් සාස්තරයක් කියනවද ? මාමා මගේ දිහාට හැරුනා
''කෝ මාමාගේ අත හීරිල නැනේ''
මාමයි, මමයි, හිනාවෙවී හාලි ඇලටම ගියා
කරුමේ මාමටත් උන්නේ කොල්ලෝ දෙන්නෙක් නැත්තම් මාමා එදාම
මාව බෑන කරගන්නවා..........-
Wednesday, November 21, 2012
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
අදහස් උදහස් සමසිතින් විද ගනිමි