''ගැටයා''
කියලා අපේ ගමේ කියන්නේ, අවුරුදු 18-22 තරමේ කොල්ලන්ට
හබැයි ටිකක් හයි හත්තිය පෙනුම තියෙන කොල්ලන්ට
විතරයි.
හීන්දෑරි සෝමාරි පාටක් තිබ්බ නිසා මට කවුරුත් ඒ කාලේ
ගැටයා, නැත්තං ඉල්න්දාරියා කීවේ නැ..

කොටින්ම මම 'හයිලයිට්' උනේම නැ...
කොල්ලෝ තදේට වොලිබෝල් ගහද්දී මම විහිළු කර කර හිටියා මිසක්
උන්ට ගේමක් උනේ නේ. සම වයසේ කෙල්ලෝ කට ඇරලා මල්ලි කියල කීවම මට හිතුන දේවල් ලියන්න ලියන්න හිතෙන් නැත්තේ,
මෙතැනින් එහාට ඔයාලට කියවන්න ඕන හින්දා..
මට අදරේ මොනවගේද කියල දැනුන් නැ. එක්කෝ මම 'මල්ලී' නැත්තම්,
කාටවත් ඉලක්ක නොවෙන අහිංසකයෙක්. මම මාව අහිංසකයෙක් කියල කියනවා තියා හිතනවටවත් මගේ හිත කැමති නැ. ඒ මම කෙසේ වෙතත් මගේ හිත නං අහිංසක නැති නිසා. නරකයි, එහෙම නැත්තම්
දඩබ්බරයි කියන දේවල් මගේ 'හිත' හොද හැටි කරනවා.
මට කොළඹ පොඩි ජොබ් එකක් මට හම්බ උනා, ඒ පේස්ට් අප් ආටිස්ට් කියන එක. ඒක ඇග මහන්සි වෙන එකක් නෙවෙයි, කපලා අලවන්න තියෙන එකක්. එක් නිසා මම ශේප් එකේ වැඩ ටික කරගෙන ගියා
'ආදරය' පාරේ හරි තියෙයි කියල මම මග තොට දී, විපරමින් ගියේ, ඉද හිට, මරදානේ. හරි, ඩික්මන් පාර ලගදී හරි ඇන්ටි කෙනෙක් හිනා උනා ඇරෙන්න, අදරණීය හිනාවක් මට ලැබුනේ නේ නැ..
දැන් මට වෙච්ච වැඩේ ගැන කියන්නම්,
ඒක දිග සති අන්තයක්, බදුල්ලේ ඉන්න යාලුවෙක් කීවා එහෙ එන්න කියලා, වෙන ලොකු වැඩක් තිබ්බේ නැති නිසාම මම බදුලු යන්න පිට කොටුවට ගියා.
මගේ අතේ තිබ්බේ පොඩි ගානක්, මම සීටිබී නැවතුමට වෙලා පුරුදු පරිදි නැතිවුන, නැත්තම් මේ දැන් හම්බවෙයි කියල හිතුන 'ආදරේ' සොයමින් වට පිට බල බල හිටියා.
නැවතුමේ සෙනග ටිකක් හිටියා, මම සමහර බස් වලට නගින් නැ. ඉස්සරහම සීට් වල ඉද ගන් නැ. ඒ මගේ අදරේ පස්සේ සීට් එකක ඉදගයි කියල, මට නොදැනිම බහියි කියල බයට.
මම ලාබෙට දුන්න රඹුටන් වැලක් අරං බස් පොලිමේ උන්නා. මට ටිකක් පිටිපස්සට වෙන්න අවුරුදු 17 ක විතර පෙනුම තියන 'ආදරයක්' පොලිමට එකතු උනා. තනියම, මට කෙලින්ම මූන බැලුවා...
දැන් වගේ නෙවෙයි, ඉස්සර බැලෙන්නේ මූන දිහා විතරමයි,
'ආදරය' උන්නේ තනියම. ටිකක් ලොකු බැග් එකක් එල්ලගෙන, මුනේ හිනා 'වලක්' තිබුනා. මම ලෝබ නැතුව හිනා උනා.
මට පුදුමයි, පුදුමෙනුත් පුදුමයි එයා ලස්සනට හිනා උනා
'ජීවිතේ මම දැක්ක ලස්සම හිනාව...'
කොන්දොස්තර මාමා ටිකට් දෙන්න ගත්තා, මට ටිකක් පහුවෙන්න හිතුනත්, අතේ තියෙන සල්ලි වලට තව ලොකු ටිකට් එකක් ගන්න මට වත්කමක් නැති නිසාම මම ටිකට් එක ගත්තා. එත් ආදරිය වෙනුවෙන් සීට් එකක් වෙන් කරගන්න මං 'ලෝස්' උන් නැ.
'අද නං මගේම දවසක්' මට හිතුනේ එයා 'තැන්කියු' කියල මං ගාව වාඩි උන හින්දා.. ටිකකට පස්සේ මං මුනිවත බින්දා, නැ බිද ගත්තා.
එයා ගීතා, වැඩ කරන්නේ කටුනායක, කියල කියන කොටම 17ක් කියල මගේ ගොන් අනුමානේ ගැන මට හිනා ගියා, පරණ පාරෙන් රත්නපුරෙට යනකොට මම එයාගේ බයෝඩේටා එක පුරවල ඉවරයි.
ඊට පස්සේ එයා මගෙන් විස්තර අහන්න ගත්තා, මම 65% 35%
ඇත්තයි බොරුයි කියන්න ගත්තා. ඒහෙම ගත්තාම මම 24 ක, බදින්න කෙනෙක් හොයන හොද රැකියාවක් කරන
''ගැටයෙක්''
එයා බහිනව කීවේ බෙලිහුල් මම, මම කල් නෑරම ගේම් එකට බැස්සා,
මම මගේ කුළුදුල් ආදරේ කිව්වා. එයා අහගෙන හිටියා, කැමති උනා.
මම එයාගේ අත්වලින් අල්ලං 'අදරේ' හැඩ වැඩ බලමින් 'තුසිතේ' පැත්තට ගියා.
තේ බොන්න බස් එක නැවැත්තුව, මම දැන් අවුරුදු 16 ඉදල පෙම් කරන්න ගත්ත පෙම්වතෙක් වගේ, කීව දේවල් වත් මට මතක නැ..
වෙලාව හවස 6ට විතර ඇති. ලොකු හෙනයක් මගේ ඔළුවට එක පාරටම කාඩාගෙන වැටුනා.
'අයියේ මාව මෙහෙම්මම ඔයාලගේ දිහා එක්ක යන්න කෝ''
මට කාපු එවා වමාරන්න හිතුන , මම බස් එකට නැගල, ඒකට තව කල් තියනවනේ කීවත්, එයා නෙවේ පස්සට ගියේ, ඔච්චර ආදරේ නං දුක් විදින එයා ගැන හිතන්න කිව්වා විතරක් නෙවේ, කොළඹ කාමරයක් අරං දෙන්නගේම පඩියෙන් ජීවත් වෙමුයි කියන්න ගත්තා.
මම යන්තම් බෝඩිමට ගෙවල කොත්තුවක් කාල දවස ශේප් කරනගන්න
'ගැටයා'. දැන් එයාගේ වචන වල පුරවපු ආදරරේ මට දැනෙන්නේ කරවිල වගේ,
බස් එක ගාට ගාට බෙලිහුල් ඔයට ආවා, දැන් බහී, දැන් බහී, මගේ හිත කීවත් එයා බැස්සේ නැ. ජනෙල් වලින් ඇදිල අවේ ගින්දර වගේ උනුසුම් හුලග. මට වතුරම බොන්න හිතුනා. එත් එයා එයාගෙම මතේ, මම එයාගෙන් තව දවසක් ඉල්ලනවා.
'ආදරේ' බම්මුව තමයි මට හිත කෙදිරි ගෑව
බස් එක හපුතලේට ආවා. එයා එකපාරම නැගිට්ටා
''කොල්ලන්ගේ බොරු
පන දෙන්න කතා කරනවා, ගෙදර යමු කීවම වෙව්ලනවා ෂිහ්..
මම බහිනවා, මීට පස්සේවත් කෙල්ලන්ට බොරු කියන්න එපා''
'ඒකි' සද්දෙන්ම කියල බැස්ස,
'මම රැවටිලා'
--------------------------------------------
මම හොර නින්දෙන් නැගිට්ටේ බදුල්ලෙදි..........
.........නිමි ........

මේ වගේ ඇඟට එන ගෑණියකගෙන් මාත් බේරිල තියෙනව 99න්...!!
ReplyDeleteමතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනව. අන්තිමේදි ගාල්ලෙන් බස්සෙකෙන බැහැල මමයි දිව්වෙ පණ කඩං......!!!
මෙය මර "කැල්ල" නේ කෙල්ලෝ පස්සෙන් එන්න :D
DeleteMehema ewa wela nathnam.. . hariyata jeewath wela na... ;)
ReplyDeleteමාරු කතාව!
ReplyDelete