Wednesday, November 21, 2012







එදාත් මේ වගේම වැස්ස ... !

උදේම නැගිටින කොට, බෝඩිමේ පොත් තියල තිබ්බ
රාක්කේ තෙමිලා, පොත් ටික ගන්න දෙයක් නැ
පොත් ටික ඇද උඩ වේලෙන්න තියල, වැඩට යන්න
ලෑස්ති උනා...


මූන හොදගෙන ඇවිත් 'තේ' එක බොන්න ගියා වැස්සට
එකතු උන වතුරට ලිස්සල ගිහින් තේක ඉහිරුනා..
මම වතුර ටිකක් බීල කෑම එකත්
(බෝඩිමෙන් දෙන) අරගෙන පාරට ආවා...

119 ක නගින්න පාරට එනකොට, හයියෙන් ආපු වෑන් එකක්,
මඩ වලක තිබ්බ වතුර ටිකකින් කමිසේ නාවල යන්න ගියා...

'වැස්ස'

කමක් නැ කියල හිතල මම 119 ක නැග්ගා
''නුගේගොඩ බහින්න සල්ලි දුන්නේ නැති අය සල්ලි දෙන්න ''
කියල කියනකොටයි මම පර්ස් එක බැලුවේ...

ඒක සාක්කුවේ නැ, කොන්දොස්තර මල්ලිට වෙට්ටුවක් දාලා
යන ගමන් කල්පානා කලේ උදේ එක සාක්කුවට දා ගත්තේ නැත්තං
හොදයි කියලමයි, නැත්තං සොරිම තමයි,

සුපර් මාකට් එක ගාවදී මගේ 'සිහින කුමාරි' දැක්කා
තෙතබරිත හදවත ගිනි ගනිද්දි මං අහක බලාගත්තා එයා 'හතුරව' බදාගෙන හිටියේ හරියට පැනල යයි කියල වගේ,

මම මගේ වැඩපලට ගියා නෙවේ 'ගෑටුවා...'

වැඩපල ඉස්සරහ දූගී අම්ම කෙනෙක් පොඩි එකෙක්ව තියාගෙන වැස්සට
බේරෙන්න. පොඩ්ඩාගේ අතේ තෙමිච්ච පාන් කෑල්ලක්..

මම බෝඩිං කෑම එක නොසිතාම දුන්නා
--------------------------------------------------------------
වැඩිය නෙවෙයි කාලක් ගැහුව වගේ පපුව රත් උනා.
හරියට සහරා කාන්තාරේ වගේ.......

4Like ·  · 

No comments:

Post a Comment

අදහස් උදහස් සමසිතින් විද ගනිමි