''මට පොඩි ඉස්කුරුප්පු නියනක් ඕන..............''
මම එහෙම කීවට ඇහෙන්න කිසි කෙනෙක් හිටියේ නැ.
බොඩිමේ ඇන්ටියි අංකලුයි දඹදිව ගිහින්.
''පුතා අපි ගිහින් එන්නං යන තැනකට පිනක් කරගන්තත් එපැයි''
පිටතිනි ඇතුල් වෙන්න තියන කාමරේ මාව තනිකරල
ඒ ගොල්ල යද්දී
''ඔයිට වඩා පිනක් මට උදව් කරන එක'' කියල කියන්න හිතුනත් මම සද්ද නැතුවම ඔළුව වැනුවා.
කෙනෙකුට එක දිගට දවස් තුනක් බඩගින්නේ ඉන්න පුළුවන්ද ?
ඔවු මම එක දිගට දවස් 3 ක් බඩගින්නේ. පලමු පැය 8 දී මට බඩගින්න දැනුනා. ඒත් මට හිතන්න ඊට වඩා දෙයක් තිබුන නිසා මම බඩ ගින්න ජනේලෙන් එලියට විසිකරලයි තිබුනේ. ටික වෙලාවක් ජනේලේ ගාව කැරකි කැරකි හිටිය බඩ ගින්න මාව අමතක කරා.
මට එච්චරම හිතන්න තිබ්බ කාරනය මොකද්ද කියල ඔය ගොල්ල හිතාවී
කෙල්ලෙක් ගැන, ? ඉඩමක් නැත්තං ගෙයක් බේර ගන්න. ?
ඉඩමක් තිබ්බනං මට හිතන්න දෙයක් නැතිවෙනවා
මම දවස් 3, ක් එ කියන්නේ පැය 72 ක් නොකා නොබී කල්පනා කරේ
ඊට වඩා වෙනස් දෙයක් ගැන..
අම්මා ගැන, අම්මගේ ලෙඩේට ගහන්න ඕන ඉන්ජෙක්ෂන් එක ගැන
ඒකේ ගාන ගැන
හරියටම 84225/- ක්
ඊට කලින් මම අම්මා ගැන කියල ඉන්නම්, අම්මා කියන විදිහට මගේ තාත්තගේ නම ''තාත්තා'' ඊට වඩා දෙයක් අම්ම කියලා නැ. මාව හැදුවේ 10 පන්තිය වෙනකං ඉස්කොලේ යැව්වේ අම්මා, අපි හිටියේ පොඩි කාමරේක, අම්මා ගේක වැඩ කරන එකයි අඩපු එකයි අරෙන්න කරේ, මට අසීමිතව ආදරේ කරපු එකයි විතරයි.
මම 10 පාස්වෙලා ඉස්කොලෙන් එලියට අවා. කාර්ය සාධකය සමග දුන්න උප්පැනේ 'තාත්තා' ඉරක් වෙලා තිබුනා. මම කොළඹ පොඩි ජොබ් එකකට ආවා. පොඩි පඩියක්, මම අම්මට සල්ලි යැව්වා ටික දවසකින් අම්මා අසනීප උනා
එකම බෙහෙත
84225/- ඉන්ජෙක්ෂන් එක.
එච්චර ගානක් ඉල්ලගන්න මට කෙනෙක් හිටියේ නැ. රක්ෂාවට ඇවිත් ටික දවසයි. ගමේ යාළුවන්ට කීවත් උපරිම දහදාහක් හොයාගන්න පුළුවන් වෙයි එත්. ඉතිරි 74 දාහ.
මම මට විකුණන්න පුළුවන දේ ගැන හිතුව. අතේ තිබ්බ සුදුයකඩ මුද්දක්
ඒකත් මංගලිකාගේ අතින් බලෙන්ම ගලවල ගත්ත එකක්. මුද්ද ගලවන්නම නෙමේ මම එයාගේ ඇගිල් වලින් ඇද්දේ. පස්සේ මම එක දුන්නම එයා, ඔයාම තියාගන්න කියල කීවා.
''සුදු යකඩ මුද්දක්'' කිසිම වැඩක් නැ මගේ වැඩේට
එක දිගට කල්පනා කරපු 70 වෙනි පැයේදී මට අපූරු අදහසක් ආවා..
''මම අත්මය විකුණනවා''
ඒත් කෝමද මම ඒක කරන්නේ ? මට හිතුනේ ආත්මය මගෙන් ගලවගත්ත නං හරි කියල.
''මට පොඩි ඉස්කුරුප්පු නියනක් ඕන..............''
මට එහෙම කියවුනා. ඊට පස්සේ මම හිමින් නැගිටල ගිහින් ලයිට් මීටරේ ගාව තිබ්බ ටෙස්ටර් එක ගත්තා. අයෙම ඇදට ඇවිත්
පවුවේ හරියටම අගල් 3 ක් පහලින් අගල් 2ක් පැත්තට වෙන්න නියන තියල තද කරා... හම තුවල කරමින් නියන බැස්සා ඊට පස්සේ ඉස්කුරුප්ප ඇනයක උඩට නියන සෙට් උනා...
මටම හිතා ගන්න බැ මම කෝමද එහෙම කරේ කියලා.. මම ඇනේ හිමින් බුරුල් කරා.. පපුව අස්සෙන් ආත්මේ කෑගහන්න ගත්තා
''උඹට පිස්සුද ? මාව ගලවන්න හදන්නේ,
මාව අයින් කරලා උඹට සැනසෙන්න පුළුවන්ද ?''
උ කියාගෙන කියාගෙන ගියා.. එත් මම පයිසෙකට මායිම් කරේ නැ..
මට උගේ කියවිල්ලෙන් වැඩක් නැ. මට ඕන උව විකුණන්න..
මම ඇණ 6ක් හොයාගත්තා 6 වෙනී එක ගලවද්දි ආත්මේ කෑ ගහන එක නතර උනා.. මම හිමීට උව ගලවල ඇද උඩින් තිබ්බා..
''මෙච්චර කල් මං එක්ක හිටිය ආත්මය''
ආත්මේ ගලවපු ගමන් මගේ බර හරියටම 1/3 න් අඩු උනා. ඒකියන්නේ වැඩි බරත් උහුලල තියෙන්නේ උ
මම ආත්මේ විකුනන්න තැනක් කල්පනා කලා
mc crescat liberty
ඒත් ඒ වගේ තැනක පාර අයිනේ තියාගෙන විකුණන්න 'ගොඨා' ඉඩ දෙන් නැ.. මම මටම කෙදිරුවා..
පස්සේ මම බණ්ඩාරගම බස් එකක නැගලා ''කුරුස හංදියේ'' පොලට ගියා.
මගේ බර අඩු උනාට මොකෝ ආත්මේ බරයි, මම උව බැග් එකක දාලා ගෙනිච්චේ පොලේ සෑහෙන්න සෙනග. මං ගැන අවධානයක් නැ..
වෙලාව හවස 4 ට විතර ඇති. මම අයිනක තිබ්බ හිස් තක්කාලි පෙට්ටියත් අරං ඒක උඩ රිවිර පත්තර පිටුවක් තිබ්බා. ඊට උඩින් ආත්මේ තිබ්බා
''ලාබයි'
මම එහෙම කීවේ එක පාරයි, ලාබ නැනේ. මේක 75000/ කට වත් දෙන්න ඕන. මම කෑගහන එක නතර කරා. කාලය ගෙවිල ගියා
හයස 7 යි ගෑනු මිනිස්සු පොරකකා ලාබෙට එළවළු, පොල් කරවල අරං යනවා, තක්කාලි පෙට්ටිය දිහාවත් බලන් නැ.. මට කදුලු ආවා..
තක්කාලි පෙට්ටියක් උඩ පත්තර පිටුවක තියලා ආත්මය විකුණගන්න උත්සහ කරන කොල්ලෙක්
මටම දුක හිතුනා
''තමුසෙට පිස්සු'
සරමක් ඇදලා, ඒක යටින් ඇදුපු කොට කලිසට පේන්න පැත්තකින් උස්සං ඉන්නං ගංජා සුරුට්ටුයක් අතින් ගත්ත ''අයියා'' කෙනෙක් මං ගාව උන්නා
'ඇයි' මේක මෙතැන විකුණන්න තහනම්ද ? මම තරහින් ඇහුවා
''නැ ඕයි'' ඕක ඔතන තිබ්බට විකිනෙන් නැ.. මිනිහ කියපි...
''එහෙනං මොකද කරන්න ඕන''
මම ඇහුවා
''මට 20% දෙනවා මම විකුණල දෙන්න''
මිනිහා ආත්ම විකුණන බ්‍රොකර් කෙනෙක්. මම එකග උනා මිනිහා ලග තිබ්බා කුණු ගොඩ උඩට ගියා විතරයි නොපෙනී ගියා
හැරී පොටර් චිත්‍රපටියේ ගුප්ත ඉස්ටේෂම වගේ, මාත් ආත්මෙත් තුරුළු කරං
කුණු ගොඩ උඩට ගියා.....
ඊළග නිමේෂේ මම හිටියේ අමුතුම තැනක. එතැනත් ලොකු වෙලද පොලක්. හැම තැනම පිලිවලට නම් ගහල තිබ්බා.
විකුනන්න තිබ්බේ ආත්ම විතරයි...
මට සැනසීමක් අවා මම කොම හරි මේක විකුණනවා..මේ වෙනකෙට ගංජා අයියට මම කතාවම කියල තිබ්බේ, උටත් අනුකම්පාවක් ඇතිවෙලා වගේ, මට උදව් කරා..
අඩුම ගානකට විකිණුනේ කෙල්ලන්ගේ ආත්ම, ඒවා වික්කේ කෙල්ලෝ නෙවයි, බ්‍රොකර්ලා... (ගංජා අයියා වගේ) එයාල පෙම්වත්තු නමින් තමයි ඉන්නේ වෑන් ඩයිවර්ලා, ටියුෂන් ටික්කෝ, වගේම නානා ප්‍රකාර අය...
ඊට පස්සේ තාත්තාලා අම්මාලා, එයාලා දරුවන්ගේ දේවල් වලට මුදල් හොයන්න ආත්ම විකුනන්න ඇවිත් හිටියා..
තවත් නානාප්‍රකාර අත්ම ...
පොලීසියේ අයත් හිටියා බෝතලයක ගානට වගේ ආත්මේ දීල යන්න.
''ආත්ම පොලිෂ් කරනු ලැබේ''
ගංජා අයියා මාව එතැනට එක්කං ගියා...
''මල්ලි උඹට මම උදව් කරන්නේ උඹ තමයි මෙතැනට ආත්මේ ගලවං ආපු එකම එකා, අනිත් උන් ආත්මේ ගලවගන්නේ මෙතැන ඇවිත්,
ආත්මෙට ලොකු ගානක් ගන්න නං ආත්මේ පොලිෂ් කරන්න ඕන..
තේරෙන සිංහලින් කියනවනං ආත්මේට ජරා වැඩ පුරුදු කරන්න ඕන
එතකොටයි ඒක වැඩි ගානකට විකුනන්න පුලුවන්''
මට සියල්ල වැටහුනා
''බලු වැඩ කරන ආත්ම වලට වැඩි ගානක්'' මම කීවේ ඇහෙන නොහැනෙන ගානට,
ඒත් එක්කම එතැනින් අපේ ගමේ දේශපාලකයෙක් ගියා..
''උ දැන්ද ආත්මේ විකුණන්න අවේ..'' මම අහපු විදිහෙන්ම මට සියල්ල වැටහී ඇති බව ගංජා අයියට තේරුනා..
'' නැ මල්ලි උ ඒක වික්කේ දේශපාලකයෙක් වෙන්නත් ඉස්සර, එත් උගේ ඇනයක් ගලවද්දි කැඩුනා.. ඒක මේ ලගදි අරලිය ගහ ගාව වැල්ඩින් එකෙන් බුරුල් කරං.. දැන් උ ඒක හොද ගානකට දෙයි''
එයා කීවා..
මම ආත්මේ පොලිෂ් කරන තැන සේවිකාව හම්බ උනා..
''ඔයාට ආත්මේ හොද ගානකට විකුණන්න නං ඒක අපෙන් පොලිෂ් කරගන්න, අපි මිනී මර්න්න, ස්ත්‍රී දුෂණය කරන්න අම්මා තාත්තා මරන්න ආත්මෙට, පුරුදු කරනාව, එහෙම පුරුදු කරපු ආත්මෙකට
ලක්ෂ 20 ක් විතර ගන්න පුළුවන් අපිට 15% ක් ඕනෑ...''
එයා ගිරවියක් වගේ කියවගෙන ගියා මට ''හා '' කියවුනා ඒත් එක්කම
''අම්මා තාත්තා මරන්න පුරුදු කරනව''
කියන එක දෝංකාරය දුන්නා
''මගේ අම්මා''
මම ආත්මෙ එහෙ අතෑරලා දුවගෙන ආවා බර අඩුනිසා ඒක ලේසියෙන් කරන්න පුළුවන් උනා
--------------------------------
රෑ 10 යි ම විතර මම බොඩිමට ගියා
''මල්ලි කලබල වෙන්න එපා, ඔයාට කොල් එක්ක ආවා.....''
අල්ලපු ගෙයි අක්කා කියාගෙන ආවා''
''මගේ අම්මා නැතිවෙලා''

ඔන්න මගෙන් මුල්ම කොමෙන්ට් එක
ReplyDeleteසුබ පැතුම් ඈ
ස්තූතියි මලේ
Deleteඔන්න මගෙන් දෙවැනි කමන්ට් එක...
ReplyDelete෴ශුභ පතනවා බ්ලොග් අවකාශයෙන් ෴
This comment has been removed by the author.
ReplyDeleteOffcial 3rd comment.. Congratz bro.. keep it up :)
ReplyDeleteබ්ලොග් ලෝකෙට සාදරෙන් පිළිගන්නවා ... කථාව මූණු පොතේ කියෙව්වනේ.. සුපිරි ඈ
ReplyDeleteසුබ පැතුම් අයියේ!!!!!!!!!!!
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් මාමේ
ReplyDeleteඅඩේ අප්පා ඔය තියෙන්නේ සුබ පැතුම් පිලගන්න
ReplyDeleteතව තව මරු ඒවා ලියවේව්
නිර්මාණාත්මකයි. සංවේදී කතාවක්. අගය කරනවා. සුබපැතුම් අයියේ. ජය...!
ReplyDeleteසුබ පැතුම්.....!!!
ReplyDeleteඑහෙමනම් බ්ලොග් අවකාශයෙත් සැරිසරමු.