වෙලාව හරියටම 11.59.........
මම හිටියේ නොසෑහෙන බඩගින්නක, ඥාතියෙක්ගේ මගුල් ගෙයක් නිසා බිරිද 'සැලෝන්'
එකකට යන බව කීව නිසා දවල් කෑම එක තවත් පැයක් දෙකක් පරක්කු වෙන හැඩයි. මොනව
හරි පොඩි කෑමක් කටේ දාගන්න තිබ්බ නං.. මම හිතුවා
ටිනි ටින් ටිනි ටිනි ටින් ටින
ටිනි ටින් ටිනි ටිනි ටින් ටින
ි .. ටි
ෆෝන් එකේ නොකියා ටෝන් එක නද දෙන්න ගත්තා. එත්
එක පාරටම සද්දේ නැති උනා. වෙනදා එන 'මිස් කෝල්' වචන දෙක ස්ක්‍රීන් එකේ තිබ්බේ නැ ඒ වෙනුවට තිබ්බේ
''sending ere'' කියලා
මම දුරකථනය අතට අරං බැලුවා සිග්නල් කනු පේන්න නැ..'සිම් එක ලොක් වෙලා' මට හිතුනා මම සිම් එක ගලවලා අරං කෙල ටිකක් ගාලා ඇතිල්ලුවා. සිම් එකේ තඹ පතුරු ටික දිලිසෙන්න ගත්තා. ඇගිලි වලට අමුත්තක් දැනුනා. සැනසිලි දායක කලන්තයක් වගේ එකක්.
මට හිතුනා මම 'බෝමන්' වගේ උනා කියලා බෝමන් කියන්නේ ආතර් සී ක්ලාක් මහත්තයාගේ 2010 නව කතාවේ ප්‍රධාන චරිතේ, හරිම සැහැල්ලුවක් දැනුනා ඊට පස්සේ අර සිම් එකේ තඹ පතුරු අස්සෙන් මාව ඇදිල ගියා වගේ දැනෙන්න ගත්තා.
දැන්මට ඇගක් නැ 'හිත' විතරයි බලන දිහාවට වේගෙන් යන්න පුළුවන් මාර අත්දෑකීමක් ඒක. මම නැවතුනේ විශාල බිමක, රාත්‍රී කාලයක් ඒක
කටුකම්බි ගහල වට කරලා තැන, තැන විශාල ගොඩනැගිලි....
එක ගොඩනැගිල්ලත තිබ්බ අකුරු 8 ( G 8 ) වචනයක්. මම ඒක කියවන්න උත්සහ කරා එත් තේරුමක් දැනුන් නැ මම දොරක් අතරින් ඇතුලට ගියා
දොර වහලද, ඇරලද කියල අවුලක් නැ මට යන්න පුළුවන් උනා...
එතැන පරිඝණක ලක්ෂ ගානක් තිබ්බා ඊට උඩින් දුරකථන අංකයක් සහ නමක් තිබ්බා. මහාහ පුදුමයක්, මගේ නම සහ දුරකථන අංකයත් තියනවා. මම ලගට ගියා. සුපිරි ඇනරොයිඩි ටෙක්නෝ එකක්, ලස්සන කෙල්ලක් ස්ක්‍රීන් එක ඇගිලි වලින් තල්ලු කර කර මොනවද හොයනවා..
ඒයා ජපන් කෙල්ලක්, ආහ්.. එකේ තියෙන්නේ මං හිතපුවා, මෙන්න ටිකකට කලින් මං
''මොනව හරි කන්න'' ඕන කියපු එක පැහැදිලිව ලියවිලා තිබුනා.. ඒක් ඊට යටින් තියනවා FAULT කියලා. ඒ කියන්නේ මං මැරිල? මට එහෙම හිතුනා
අපි සිංහලින් හිතන දේවල් තේරුම් කර දෙන්න එතැන මහා චාර්යය වරයෙක් හිටියා. එයා සිංහල කෙනෙක්. ටිකක් පුරුදු මූනක්. මම හොදින් මතක් කරා. ටීවී එකේ විශ්ව විද්‍යාල ආචාර්වරුන්ට ලොකු පඩි හම්බවෙනවා කීව්ව කෙනෙක්, එයා කෝට් එකක් ටයි එකක් සපත්තු දාගෙන හිටියට ඇදගෙන උන්නේ ඉලාස්ටික් එකක් දාපු කොටු කොටු පිජාමා කලිසමක්.
තව ටිකක් යටට ගිහින් බැලුවා. මම හිතපු ලැජ්ජ නැති හැම දේම මේකේ තියනවා.. එත් වැසිකිලියේදී හිතපු ඒවා නැ. මම වැසිකිලියට ෆොන් එක ගෙනියන් නැ එක සැරයක් ඒක කොමඩ් එකට වැටුන නිසා. ආ ඒ වගේම ෆෝන් එක චාජ් කරන වෙලාවේ, හිතපු දේවල් ඇත්තෙත් නැ..
ඒ කියන්නේ මං හිතන දේවල් මෙතැනට එන්නේ මගේ ''ෆොන් සිම් එකෙන්'' මට සියල්ල පැහැදිලි වෙන්න ගත්තා.. මම වෙනත් මොනිටරයක් ලගට ගියා. ඒවගේ අපේ යාළුවෝ හිතපු දේවල් තියනවා.
ඊළගට ලොකු බෝඩ් එකක් ගහල තිබ්බා තැනෙත
''මයින්ඩ් බෑඩ් සෙක්ටර්ස්'' එතැන ඉංජිනේරුවරු කීප දෙනෙක් ඉන්නවා එයාල බෑඩ් සෙක්ටර්ස් අයින් කරනවා. එතැන හිටිය පිරිස අතරේ දේශපාලනය ලියන මිතුරන් කීප දෙනෙක් හිටියා..
''ඩ්‍රීම් පැරඩයිස්'' ලියන මිතුරියට එයාල තැග්ගක් එවන්න ලෑස්ති කරලා..
තෑග්ගක් කීවට ඒක එවන්නේ, ඔළුවට නේ හිත හරිවැටෙන දෙයක් ඇයට මේ සතියේ ලැබෙයි....
මම ටිකක් එලියට ගියා. තවත් පුරුදු තැනක්... ආ අර අගහරුවට ගිය රෝවර් එක එතැන තිබුනා ඊට එහායින් නීල් ගොඩබැස්ස තැන..ඈ.. ඒ කියන්නේ මං ඉන්නේ හදේද ? මට පිස්සු ඩබල් උනා.
හුගක් අය හිතන දේවල් බලල ඒ අය පරේයේෂන කරා, පරේෂන කරන්න හිතන අයගේ ඔළු වලට ඒ අය වැඩිපුරම සෙක්ස් පින්තූර සෙට් කරනවා මම දැක්ක,
එක පාරම මාව ඇදිල ගියා මගේ මැෂින් එක ගාවට
FAULT OK
-------------------------------------------------------------------------
12.00 වෙලාව
බිරිද එනකොට 2.00 වෙනවා කියල කොල් එකක් දුන්නා, ඒත් එක්කම,
පීසා එකේ ලමයෙක් හෑන්ඩ් බිලක් දීල ගියා
-----------
බඩ ගින්නේ ඉන්න එපා
එක් ගෑස් වලට මූලාරම්බයයි.. දැන් දුරකථන ඇමතුමකින් කුඩා අමතර කෑම වේලක් ගෙන්න ගන්න පුළුවන්
රු. 150/- යි. ගෙනත් දෙන්න යන්නේ විනාඩි 15 යි...
පීසා - මොරටුව ශාඛාව
මම කොල් එකක් ගත්තා
''මට විජේසූරිය පාරට ස්නැක් එකක් එවන්න
මෙන්න ඇඩුස් එක.........''

No comments:
Post a Comment
අදහස් උදහස් සමසිතින් විද ගනිමි