Wednesday, November 21, 2012






මම පන්සලේ පොඩි බංකුවක් උඩ පැයක‍ට වඩා හිටියා
''ලොකු හාමුදුරුවෝ සැතපෙනවා''
ඇබිත්ත මලයා එහෙම කියල සෙල්ලං කරන්න දිව්වා....
මාව මේ අමාරුවේ දැම්මේ අපේ අක්කගේ පොඩි එකා..උ හිතන්නේ
'මාමා' හැමදෙම දැන ගන්න ඕන කියලා..

'' බහස්පතිට වඩා ලෙකුයි මගේ රන් කද ඔයාව''
සිදුවක් කියාගෙන එනකොට මම හිතුවේ නැ කොල්ල මාව මෙච්චරම අමාරුවන දායි කියලා.

''මාමේ, බ්‍රහස්පති කියන්නේ ගුරු නේ''
'ඔවු'...මම කීවේ ගානකට නොගෙන
'එතකොට කුජ'
'අගහරු..'
''හිරු. ඉර -- සදු, හද, නෙසසුරු සෙනසුරු....''
කොල්ල කියව කියව ගියා ඊළගට අයෙම ආවේ, මාව මේ අමාරුවේ දාපු
ප්‍රශ්නයත් අරගෙන.
''මාමේ එතකොට, කේතුයි රාහුටයි කියන නම් මොනවද ?''
''කේතු, රාහු'' මම ලිස්සල යන්න බැලුවා

මට සීතාම්බර සළුව මතක් උනා පොඩි උන්‍ට වෙට්ටු දාන්න බැ...

ඇත්තටම රාහු කේතු කියන්නේ ග්‍රහ වස්තුද ?
පොඩි එකාට උත්තරයක් දෙන්න ඕන නිසාම මම ටිකක් හිතුවා.. නැ නැ ‍එහෙම කොහෙවත් නැ, තියෙන්නේ, චායා ග්‍රහයෝ කියල. තැනෙක චින්තන මාත්‍ර ග්‍රහයෝ කියලත් තිබ්බා...

පොඩ්ඩව බො‍‍හෝම අමාරුවෙන් 'හලලා' මම පන්සල පැත්තට ආවා
අපේ පන්සල පොත් ගුල් විහාරයක් පොත් ඇත්තටම ගුල්ලෝ ගහල, එකෙක් එන් නැ ඒවා කියවන්න, මොකද, පොතක් බලන්න ලොකු හාමුදුරුවෝ කබඩ් එක් ඇරල දෙන්න වරුවක් යන නිසා...

මම 'වරුවෙන්' බාගයක් ගත කරා. හමුදුරුවෙන්ට අවශ්‍යතාව කීවා. පැයකින් විතර ලොකු හාමුදුරුවෝ එලියට ආවා..

''ඉලන්දාරියා මීට අවුරුදු 8 කට විතර ඉස්සර මෙහෙ වස් වසන්න ආපු හාමුදුරුවෝ කෙනෙක් වස්කාලයේදි ගිලන් උනා. උන්නාන්සේ කුරුටු ගෑව කොල වගයක් මට දුන්නා ඔය සෑස්තරේ ගැන ආස කෙනෙක්ට කියවන්න දෙන්න කයල. මේ මේ ටික..''

ලොකු හාමුදුරුවෝ කොල ටිකක් මගේ අතේ තිබ්බා...
වස්කාලයේ දීම අපවත් උන ඒ හාමුදුරුවන්ට පිං දෙමින් මම ගෙදර ගියේ පොඩ්ඩට උත්තරට දීලා ''මාමා'' පට්ටම අලුත් කර ගන්න.

මම ගෙදර යනකොට 'පෙඩ්ඩා' අක්කා එක්ක ටවුමට ගිහින්, වදයක් නැතුව මම හමුදුරුවෝ දුන්න සටහන් කියවන්න ගත්තා.

2005 01 10
ලෝකය පිළිබද සහ එහි විනාශය පිළිබද මේ සටහන් කියවන්න, හෝ, ඒ ගැන කතා කරන්න මං ජීවත් නොවන බව මම දනිමි. එත් මේ සටහන් තබමි.
මේ වචන කීපය කියවපු මම දීග ඇරිලා කියවීම ඇතෑරල සීරුවෙන් කියවන්න ගත්තා

''ගොඩක් දේ අතරින් මට රාහු සහ කේතුව හම්ම උනා
ජ්‍යෙතිශයේ සියළු ගහ වස්තු අතරින්, රාහු සහ කේතු වෙනස් බව මට වැ‍ටහුනා, ඒ කියන්නේ රාහු සහ කේතු කියන්නේ ඇත්තටම අයනිකතාවයයි, කොටින්ම කියතොත් චුම්භක ක්ෂේත්‍ර දෙකයි උත්තරධ්‍රැව සහ දක්ෂිණ ධ්‍රැවයයි''...

පොළවේ විනාශය පිළිබද සියළු කියවීම් සිදුවෙන්නේ රාහුගෙන් සහ කෙතුගෙන් බව සටහන් වල කියවිනි...

මිනිසා විසින් කෘතිම ක්‍රම මගින් මෙසේ චුම්භක ක්ෂේත්‍ර වෙනස් කිරීම ලොකය විනාශ වීමට ප්‍රභාලම හේතුව බව සටහන් වල කියවිනි. රාහු සහ කේතු මාරුවීම වසර එකහමාරකට වරක් සිද්ධ වෙන බවත්, එසේ
වෙනස් එහි තීරාණාතමක වෙනස් වීමක්

2012 12 24 වන දින සිදුවෙන බවත්ය..

මට හීන් දාඩිය දාන්න ගත්තා

ලොක විනාශය, මායා වරුන්ගේ දින පොත,
2012 චිත්‍රපටිය.....

පුතේ........ බ්‍රහස්පතිට වඩා
අරුන් දෙන්නා (රාහු කේතු) ලොකුයි
මං කෑගහගෙන නැගිට්ටා....

______________________________
ප්‍රබන්ධයකි..........

No comments:

Post a Comment

අදහස් උදහස් සමසිතින් විද ගනිමි