Thursday, December 13, 2012






ආදරය කියන්නේ ස්පර්ශයද
නැත්තං වෙන දෙයක්ද ?
______________________





‘මං පෙම්වතියකගෙන් සන්නද්ධ වෙලා හිටියේ‘

බෝඩිමේ කොල්ලොන්ට කෙල්ලෝ පිළිබද කතා රෑට යුධ පිටියක් වගේ. කොල්ලොන්ට කෙල්ලෝ හිටියේ නැ හිටියේ ‘බඩු‘ සහ ‘කෑලි‘.

‘මචං උඹ සිරාද ?‘

එහෙම අහන්නේ තමන් පිළිබද පට්ට තක්සේරුවක් තියනවා කියන එකයි.

මම එකෙන් අදහස් කරේ ඒකි හරි මදි නං වෙන එකියක් උනත්
ටක් ගාලා යාළු කරගන්න පුළුවන් තරං බොඩිමේ කොල්ලෝ දියුනුයි කියන එක.

ඒ උං කියන හැටි. මම ගොඩක් වෙලාවට කරන්නේ
හිනාවෙලා නිකං ඉන්න එක. මොකද මං පෙම්වතෙක් වෙන්න කෑව
කට්ට ගැන දන්නේ මං නිසා...

බොඩිම පරණ උළු ගෙයක්. ඉස්සරහ කාමර 2 ක තුන් දෙනා ගානේ 6 දෙනෙක් හිටියා. එලියේ බුදු මැදුරට අල්ලපු කාමරේ තව දෙන්නෙක් හිටියා
අපේ ‘හෑලි‘ පොට් එක එතැන.

දැනුම සහ රැකියාව ‘බඩුවක්‘ සෙට් කරගන්න සුදුසුකම නෙවෙයි කියල තේරුනේ මම බෝඩිමට ආව දවසෙමයි. එදා එලියේ කාමරේ ඉදල ගිය ලස්සන ඉටි රූපයක්වගේ කෙල්ල එක්කං ඇවිත් තිබුනේ අටවත් පාස් නැති
නිමලයා. වැල්ඩින් වැඩ කරන උගේ මූන යකඩ තහඩුවක් වගේ.

මට කෙල්ලන්ගේ ‘හිත්‘ ගැන හිතා ගන්න බැරුව උන්නේ.
එත් මම කවදාවත් පෙම්වතියගෙන් ඒ ගැන ඇහුවේ නැ. කැලි ගැන බඩු ගැන අහලා මං, මංම නසා ගන්න කැමති උන් නැ. යහපත් කොල්ලෝ, යහපත් කෙල්ලෝ, හැමතැනම. එත් ඒක එහෙම්මමද කියල මගේ හිත මුර ගෑවා.

එදා ලාන්තරස් දවසක්. අතේ සතයක් වත් තිබ්බේ වැඩ ඇරිල බොඩිමට එන ගමන යාළුවෙක් ගෙන් ලෝන් එකක් දැම්මා. මට රු . 500 ක් ගනින් කියලා උ මට 1000 ක් දික්කරා. ඒක මාරු කරන්න මං ලග තියෙන ලොතරැයි කූඩුවට ගියා.

‘වාසනා‘

ලොතැයි කූඩුවේ හිටියේ කෙල්ලෙක්. කෙල්ලෙක් කීවට මම ඒක හරියටම දන්නේ නැ. බෙල්ලෙන් උඩ මූන විතරක් පේන්න තිබ්බා. මම සල්ලි මාරුකරන්න අහන් නැතුව ශනිදාවක් ගත්තා.

බොඩිමට අපු වෙලාවේ ඉදල මට මැවුනේ අර වාසනා ගේ මූන.
හීන් දිගැටි හිනාවෙන කොට මූනේ වලවල් හැදෙන මූනක්
අහිසක පාටයි.

මම වාසනා ගැන කාටවත් කීවේ නැ. පස්සෙන්දා මම ලොතරැයියක් ගත්තා.
එයා පුරුදු විදිහටම හිනා වෙලා ලොතරැයිය දුන්නා. මගේ හිතට වෙලා තියන දේ මහා අරුමයක්. මට හැම තිස්සෙම ලොතරැයි කූඩුව මතක් වෙන්න ගත්තා.

මම පෙම්වතිටය ට තිබ්බ ‘ආදරේ ‘ සහ වාසනා ගැන තිබ්බ ‘හැගීම‘ තනිකරම දෙකක් කියල හිත රවට්ට ගත්තා.

‘එයා මගේ යාලුවෙක්‘

එත් මං වචනයක් වත් කතා කරල තිබ්බේ නැ. එහෙම කතා කරන්න ඕන කමක් තිබ්බෙත් නැ. එත් දවස් 3 කට වරක් වත් මම ලොතරැයියක් ගත්තා.
එත් එවා බැලුවේ නැ. සල්ලි නැති දවසට ඒක අරන් කූඩුව ගාවට ගියා
දිනුම්ද බලන්න නෙවේ
එයාගේ වල ගැහෙන මූන බලන්න.

මට වාසනා ගැන පෙම්වතීට කියන්න ඕන උනා. ඒත් ඈ මොනවා හිතයිද ?
මොනවා කියයිද ? මම මේක බෝඩිමේ කියන්න හිතුවා. හවස මං කීවා

‘‘මචං නුගේගොඩ හංදියේ ලොතරැය් කූඩුවක පට්ට කෑල්ලක් ඉන්නවා‘‘

මම සිතිවිල වචන කරා ඒක බොඩිං භාෂාවට අනුගත නැත්තං මු මාව
කනවා නියතයි..

‘උස්සපං‘

මං අයේ ඒ ගැන කියන්න ගියේ නැ. මොකද බෝඩිම කොල්ලෝ එක්ක ඊට වඩා සංවාදශීලී වෙලා පලක් නැති නිසා. මා ඒ වෙනකොට ලොතරැයි 50 කට වඩා අරං තිබුනා. මම පෙම්වතීව හමුවෙන්න දාගත්ත කාලයේ කිසිම වෙනසක් කලේ නැ. කිසිම අඩුවක් කලෙත් නැ. ඒත් යා යන ගමන් මට වාසනා මතක් උනා. මට එකනේ මිදෙන්න ඕන උනත් පුළුවන් කමක් තිබ්බේ නැ.

මං පුළුවන් තරං කරේ හුදකලා උන එක.
මට ලොකු අවුලක් තිබ්බා. ඒ වාසනා ගැන මගේ තිබ්බා හැගීමට දෙන නම ගැන

‘ආදරය‘

ඒක ගැන හිතන්නත් මම බය උනා මොකද මම දැනටමත් පෙම්වතෙක්.
මට ආදරෙයි කියල කටින්ම කියන කෙනකේ ඉන්නවා. එතකොට
මං වාසනාව අතාරින්න ඕනද ? ලොතරැයි නොගෙන ඉන්න ඕනද ?

අන්තිමේදී මම බොඩිමේ ටිකක් අහිංසක වගේ එකෙකුට මේ විස්තරේ කීවා
මට ඕන උනේම මගේ හිතට පොඩි සහනයක් දෙන්න.

‘මචං උඹ දෙන්නවම බැලන්ස් කරපං. උඹට වැඩියෙන් හිත ගිය කෙනා ලං කරන් අනිත් එකීට පොල්ල තියපං‘

උගේ ‘අනගි‘ එත් මට දිරවන් නැති උත්තරේ මම උටම දිරවගන්න ඇරලා
තුන් වන මාසෙටත් ලොතැරැයි තූඩුඩවට ගියා.

‘අයියා හවස මේ මේ පැත්තේ එන්න‘

ඇය ලොතරැයි භාෂවට පිට පළමු වාක්කිය කීවා. මම පෙම්වතී පලමු දවසේ කතා කරනකොට තිගැස්සුන කමටත් වඩා තිගැස්සුන හදවතකින් ඔළුව වැනුවා.

5.30 වෙනකොට මම ලොතරැයි කූඩුව ලග. අවුරද්දක පොඩි එකෙක්
කූඩුව ලෑල්ල උඩ ඉන්දලා හිටියා.

‘අයියා මේ මගේ දුව‘

මං හිතන්නේ පෙම්වතියටත් වඩා බෝඩිමේ යාළුවන්ටත් වඩා මාව තේරුම් ගත්ත එයා. එයා මාව ලප් තැනම ලොප් කලා............

-------------------------------------------

පස්සේ පෙම්වතී ගෙදරන් ගෙනාපු ආපු ලොකු අත්තක එල්ලුනා.

මම ආදරය කියන්නේ මොකද්ද කියල තාම දන් නැ..

‘ඒක කාමරයකට එක්කං යනවා කියන එකයි කියලා‘
බෝඩි කාමරේ කොල්ලෝ කීවට, උන් එහෙම්මද කියල මම දන් නැ......
 —

1 comment:

අදහස් උදහස් සමසිතින් විද ගනිමි