Sunday, November 18, 2012

''අයියේ අද පොඩ්ඩක් ඇවිත් අපේ එකාට පැහැදිලි කරල දෙන්නකෝ
කෝ අපේ මිනිහ හිටියට කිසි වැඩක් තියනවද ''

පවුලේ වැඩිමලා වෙච්ච නිසාම, ගෙදර මූලිකත්නය ලැබුනේ මට
ලොකු පුතාගෙන් අහන්න, අයියගෙන් අහන්න,
මාමගෙන් අහන්න, ලොකු තාත්තගෙන් අහන්න,

මොකක් හරි දෙයකට, මගේ උපදෙසක්,
අදහසක් පවුලේ කට්ටියට නැතුවම බැරි උනා..

ලොකුවට ඉගෙන ගත්තේ නැති උනාට
ගමේ යාළුවොත්, ගැමියොත් මගේ වචනේ ගරු කරා.
පන්සලේ උත්සවයක්, ගමේ මල ගෙයක් උනාම,
මගේ භූමිකාව කැපිලම පෙනුනා.

නංගි ඇවිත් එහෙම කීවේ නංගිගේ පොඩි එකා ට අවවාදයක් දෙන්න කියන්න, උ කොල්ලෝ එක්ක ට්‍රිප් එකක් දාගෙන රු. 3000 ක් විතර ඉල්ලනවා. ඒකනං කමක් නැ කියමුකෝ යන කොල්ලෝ
විශ්වාසත් නැ. අනික මුට‍ තාම 14 යි.

මට විශ්වාසයක් තිබ්බා මම පැහැදිලි කරල දුන්නම කොල්ල අහවි කියලා.
යන්න එපා කියනවට වඩා ‍තේරුම් බේරුම් කරල දෙන්න යි මට ඕන උනේ..

මම වැඩ අරිලා කොල්ලට කන්න රස කැවිලි ටිකකුත් අරං
නංගිලාගේ ගෙදර ගියා..

''ආ කොමද ඉලන්දාරියා''

මම කතාව පටන් ගත්තා, කොල්ලත් මං කීව දේවල් අහන්න ලෑස්තිවෙලා උන්නා.. මම මගේ පොඩි කාලේ, කොල්ලගේ තාත්තා පොඩිකාලේ, වින්ද දුක් ගැන ලොකු දේශනාවක් තිබ්බා. ඉගෙනීමේ අරුත ගැන විතරක් නෙවෙයි සමාජ පිළිගැනීම වගේ දේවල් එකතු කරලා
රසවත් සාරවත් දේශනයක්, කොල්ල විතරක් නෙවෙයි කොල්ලගේ අම්මත් දොරට හේත්තු වෙලා කන් දීගෙන හිටියේ, ඇස් වලින් පින් දිදී...

''බලන්න පුතා, ඔයා ඉල්ලන 3000 අම්මලාට අමාරුයි තමයි, එත් අපිට පුතා වෙනුවෙන් එක් ලොකු දෙයක් නෙවයි, එත් පුතා දෙපාරක් හිතන්න ඕන. තව ටිකක් ලොකු වෙලා ඕන තීරන ගන්න...''

මම කොයිම අවස්ථාවකදීවත් කොල්ල යන එකට විරද්ධ බව කීවේ නැ.. මට ඕන උනේ ඒකට කල් තියෙන බව හගවන්න. අන්තිමේට මම තිබ්බ අන්තිම රු .5000/- කොලයක් අරගෙන උගේ අතෙන් තියල,

''පුතාට දැන් තේරෙනවනේ, කැමැත්තක් කරන්න'' කිව්වා.

පැයකට වැඩි කාලයක් මගේ දේශනාව ලස්සන අහං හිටිය කොල්ලා,
හිස වැනුවා.

''අයියා ඉන්න කලා යන්න'' මෙහෙයුම සාර්ථක නිසා නංගි හිනා මුසු මූනෙක් කිවාත් මම එතැනින් ආවා..

එදා දවසේ මාව හම්ම උන හැමෝටම මම කොල්ල ගැනත්, පොඩි උන්ට
අවබෝධ වෙන්න කියල දෙන හැටිත් කීවා. නෑයෝ මෙන්ම ගැමියෝ,
මගෙන්, නරක් වෙන දරුවන්ට උපදෙක් ලබාදෙන්න 'උන්ව' එක්කං එන බවත් කීවා. මට සියුම් ආඩම්බරයක් දැනුනා..

කොල්ලට දුන්නේ අන්තිම රු. 5000/- නිසා. නංගිගෙන් අතමාරුවක් කර ගන්න හිතාගෙන.

'ආ ලොතු මාමේ''

කොල්ලා දුවගෙන ආවා මගේ අතේ සල්ලි වගයක් තිබ්බා..
මට හුගක් ආඩම්බර හිතුනා. කොල්ල ගැන නෙවේ, මම ගැනම,
මගේ කතාව ගැන. මම කොල්ලගේ හිස අතගෑව

''මාමේ, ගමනට 3000 විතරයි මම ගත්තේ, ඉතිරවා ඔතන ඇති. තැක්තූ මාමේ, කියල කොල්ල සයිකලේට නැගල ඉගිල්ලිල ගියා.

මම සද්ද නැතුව ගෙදර අවා. පන්සල වත්ත හරියෙදී
ඇසිලින්ගේ පොඩි එකි මෙහෙම කියනව ඇහුනා...

''මේක හතර පන්තියේ පොතක්
මම තාම දෙකේ නේ''
--------------------------------------------------

**
පස්සේ ආරංචි උනා මස්සිනා දෙකක් දාගෙන ඇවිත්, කොල්ලට දෙක තුනක් දීලා අර 3000 ත් ඉල්ල ගෙන කියල....
 —

Tuesday, November 13, 2012

Photo: ''ජයග්‍රාහී හිනාව'' 
කියන එක මට හරියටම වැටහුනේ ඒ වෙලාවේ...

මට තනියම හිනා යන්න එනවා. ඒක මං වෙනුවෙන්, ඒ කියන්නේ හවස සිද්ධ වෙන්න යන දේ වෙනුවෙන් කියල මට හිතුනා. පස්සෙං සීට් එකේ ඉන්න අමුත්ති මගේ හිනාව දැක්කද කියලා මම පැති කන්නාඩියෙන් බැලුවා.

අද හවස 6.00ට  මගේ හිතේ අවුරුදු 3 ක් තිස්සේ නලියපු පැතුමක්
ඉස්ට සිද්ධ වෙන දවස, ඒ කියන්නේ මගේ සුරංගනී මට කැමැත්ත දෙනව කියන දවස... 

දවල් මට මැසේජ් එකක් තිබුනා,

''අද 6.00 මාව හමුවෙන්න, මම මගේ අදහස කියන්නම්'' දවල් එකේ ඉදන් මම බැලුව වාර ගනන අනුව ඔරලෝසු කටුවේ ඇති සියුම් කැටයමත් මතකයි,

මගේ සුරංගනී, (හෙම කිවට එයාගේ නම  'සීතා')  වෙනුවෙන් මං හීන මාලිගාවක් හැදුවා, එයා ලස්සනයි, හොදයි, ටිකක් විතර ආඩම්බරයි, මට මෙහෙම බලාගෙන ඉන්න උනේ මගේම වරදින්, 

මාළුව නිහින්නේ කට හින්ද කියනවනේ, ඒ වගේ මටත් කට තියාන ඉන්න බැරුව
 'ඒකිට කොටුරූල් නේ' කියල එයාගේ යාළුවෙක්ට කියන්න ගිහින් එයාමට තිබ්බ සෙනෙහේ  'ඒබීඑස් 'බ්රෙක් පාරක් වගේ නවත් ගත්තා...

ඉස්කෝලේ යන කාලේ එයා ටිකක් කෙට්ටුයි, කකුල් වල 'කොටු රූල්' තිබ්බ. (කොරල වගේ එකක්) එයා මට ගොඩක් සමීප උනාට මම ටිකක් ගනන් ඉස්සුව, මම එයාගේ යාළුවෙක්ට 'අරහෙම'කියන්න ගිහින් තමා
එයා 'අරහෙම' බ්රේක් ගහන්න ගත්තේ...

කාලය ටිකක් ගෙවිල ගියා, විභාග වලට පස්සේ මාස 6 කට පස්සේ මම එයාව දැක්ක, මට අදහගන්න බැරුව ගියා, ඉටි රූපයක් වගේ එයා ලස්සන වෙලා, මම පුරුදු සෙනෙහස ඇතියි සිතාගෙන එයාට කතා කලා
සෙනෙහෙ කෑල්ල අයින් කරන් එයා හිනා උනා, කතා කර, මම
කට්ට කකා අවුරුදු 3 ක් මට පස්සෙන් ම යන්න ගිහින්, එයාගේ ආදරයේ හිමිකාරයා වෙන්න ''ගේමම'' දුන්නා...

මට 'අරහෙම' හිනාගියේ මගේ ජයග්‍රහනය සිහිවෙලා....
මම කාර් එක පොලීසියට හැරෙව්වා.
 
දවල් 1 පස්සේ මම කිසිම වැඩක් කරේ නැ, 6 වෙන්නේ 'දැන්ද' කිය කියා, හිත හිත හිටියා. හරියටම 4.00 ට මම මිතුරාගෙන් නයට ඉල්ල ගත්ත කාර් එක ගාවට ආවා. පැය බාගයක දුර  තියනවා එයා හම්බවෙන්න කිව්ව තැනට යන්න.

කාර් එක ගාව, ඒක නවත්තල තිබ්බේ අතරු පාරක කීප දෙනෙක් උන්නා.
අවු 20 ක විතර කෙල්ලක්, තව වැඩිහිටියෝ කීප දෙනෙක්, දන්න කියන නසරානි කොල්ලෙක්, 

''ඇයි''
මම ඇහුවා, 
කෙල්ල අතරමං වෙලා, ඇ කියන විදිහට ඈට බස් එකේ නින්ද ගිහින්, කවුද මාළය ගලවගෙන, සල්ලිත් නෑල්ලු, ගාමන්ට් එකක වැඩ කරන බවත්, වලස්මුල්ලට යන්න විදිහක් නැති බවත් ඇ දුකින් කියනවා.
කාලේ හැටියට ඇය වගේ කෙනෙක් දාලා යනවද ? 
පොලීසියට කියනවද ? බෝඩිමට එක්ක යන්න කොහෙමත් මගේ හිතක් නැ මගේ හිත පුරාම හිටියේ මගේ සුරංගනී නිසා.

මම ක්ෂනික තීරණයක් ගත්තා 
නගින්න නංගි, මම කී සැනෙකින් එයා කාර් එකට නැග්ගා. මම කෙලින්ම ආවා පොලීසියට, ගේට්ටුව ගාවදී ඇගේ මූන වෙනස් උනා..

''අනේ අයියා, මම පොලිසියට යන්න බයයි'' ඈ කෙදිරුවා.

''ඉන්නකෝ බය නොවී.. අපි මාලේ ගත්ත එකා අල්ල ගමු'' එහෙම කියලා මම එස්. අයි. මහත්තයෙක් ගාවට ගිහින් දැඩි ආත්ම විශ්වාසයකින්
ඈ මට කීව විස්තර කියාගෙන ගියා,

වෙනදා ට්‍රැෆික් රාලහාමී කෙනෙක් ගාව නැමෙන මම එස් අයි මහත්තයා ඉදිරියේ කතා කරේ එයාගෙත් තාත්තා වගේ,

''මේ කාලේ මේ වගේ ළමයෙක් මග දාලා යන්න හරි නැනේ''

''ඔවු ඔයා හොද දෙයක් කරල තියෙන්නේ අපි මෙයාගේ වැඩිහිටියෝ ගෙන්වලා බාරදෙමු.'' තරු 3 ක් කරේ ගහගත්ත මහත්තයෙක් මට කියලා,
'පීසී' මේ ස්ටේට්මනට් එක ලියා ගන්න කියල රාළහාමි කෙනෙක්ට කීවා...

මගේ ජයග්‍රාහී හිනාව ටිකෙන් ටික අඩුවන බවත් දැනෙන්න ගත්තා..

''මැඩම් නානවා සර්'' කාන්තා හා ළමා කාර්යංශයේ කාන්තා නිළධාරිනක් ඇවිත් අර තරු පැලදි මහත්තයට කීවා, 

එතුමා මට හොදින් හිනාවෙලා ''ටිකක් ඉන්න'' කියල 'යන්නම' යන්න ගියා
මට මතක් උනේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා කියන කියන සිද්ධිය. මම උඩ බැලුවා, 'කොන්ක්‍රීට්' බයවෙන්න දෙයක් නැ.

5.10 මේ ඔරලෝසුවත් මාරයි, හිටපු ගමන් හයියෙන් යනවා.
මම බේර ගන්න හැදුව මාර දූතිය දිහා බැලුවා, ඈ බිම බලාගෙන උන්නා
6.00 ට කිට්ටුයි,  5.40 ට විතර, කිව්ව මැඩම් ආවා, ප්‍රශ්න කෝටියක් ඇහුවා, හරියට මම මේ කෙල්ල රවට්ටගෙන ආවා වගේ, එහෙම රව‍ට්ටගෙන ආවත් පොලීසියට එනවද ? මොකට මුන් පොලීසියට ගත්තද
මං මටම කෙදිරුවා..

දැන් කම්මුල් වල තිබ්බ හිනාව වෙනුවට, තියෙන්නේ කලකිරීම, දුක
6.00 පහු උනා. මම නිදොස් වෙන්න ස්ටේට්මන්ට් දීල, අමුත්තිය පොලීසියට දීල මම එලියට බහිනකොට රෑ 7.00 යි

''ඔබ ඇමතුව දුරකථකයෙන් ප්‍රතිචාරයක් නොමැත....''

මම ඉස්සරවෙලා 'ෆුඩ් සිටියට' ගිහින් ඊට පස්සේ බෝඩිමට ගියා......
'මම පොළු කාරයෙක් ' එයා එහෙම හිතනවා ඇති, කමක් නැ මම අයෙම පහදල දෙනවා...මම කොල් එකක් ගත්තා

උත්තර නැති උනාට මැසේජ් එකක් තිබ්බා....
'' පොලිසිය ලගින් කාර්  එකේ දාගෙන ගිය එක්කෙනා ‍ට ම කතා කරන්න''
--------
පහුවෙනිදා නැගිට්ටේ 10 ත් පහුවෙලා, මම කාර් එක යාළුවට දීල ඔෆීස් එකට යන්න පාර පැන්න. කහ ඉර උඩදී පොලිස් ජීප් එකක් නැවැත්තුවා
අර ''තරු තුන.''

''ආ මල්ලි අරක ‍'ප්‍රොස්ටියු‍ට්' කේස් එකක්නේ, අයේ එවා පොලිසි ගෙන්න එපා, කාමරයකට ගෙනියන්න'' 

උ සමච්චල් හිනාවක් දාගෙන යන්න ගියා.....

''ජයග්‍රාහී හිනාව'' 

Monday, November 12, 2012

Monday, November 5, 2012

ආත්මය

''මට පොඩි ඉස්කුරුප්පු නියනක් ඕන..............''

මම එහෙම කීවට ඇහෙන්න කිසි කෙනෙක් හිටියේ නැ.
බොඩිමේ ඇන්ටියි අංකලුයි දඹදිව ගිහින්.

''පුතා අපි ගිහින් එන්නං යන තැනකට පිනක් කරගන්තත් එපැයි''
පි‍ටතිනි ඇතුල් වෙන්න තියන කාමරේ මාව තනිකරල
ඒ ගොල්ල යද්දී
''ඔයිට වඩා පිනක් මට උදව් කරන එක'' කියල කියන්න හිතුනත් මම සද්ද නැතුවම ඔළුව වැනුවා.

කෙනෙකුට එක දිගට දවස් තුනක් බඩගින්නේ ඉන්න පුළුවන්ද ?
ඔවු මම එක දිගට දවස් 3 ක් බඩගින්නේ. පලමු පැය 8 දී මට බඩගින්න දැනුනා. ඒත් මට හිතන්න ඊට වඩා දෙයක් තිබුන නිසා මම බඩ ගින්න ජනේලෙන් එලියට විසිකරලයි තිබුනේ. ටික වෙලාවක් ජනේලේ ගාව කැරකි කැරකි හිටිය බඩ ගින්න මාව අමතක කරා.

මට එච්චරම හිතන්න තිබ්බ කාරනය මොකද්ද කියල ඔය ගොල්ල හිතාවී
කෙල්ලෙක් ගැන, ? ඉඩමක් නැත්තං ගෙයක් බේර ගන්න. ?
ඉඩමක් තිබ්බනං මට හිතන්න දෙයක් නැතිවෙනවා

මම දවස් 3, ක් එ කියන්නේ පැය 72 ක් නොකා නොබී කල්පනා කරේ
ඊට වඩා වෙනස් දෙයක් ගැන..

අම්මා ගැන, අම්මගේ ලෙඩේට ගහන්න ඕන ඉන්ජෙක්ෂන් එක ගැන
ඒකේ ගාන ගැන

හරියටම 84225/- ක්

ඊට‍ කලින් මම අම්මා ගැන කියල ඉන්නම්, අම්මා කියන විදිහට මගේ තාත්තගේ නම ''තාත්තා'' ඊට වඩා දෙයක් අම්ම කියලා නැ. මාව හැදුවේ 10 පන්තිය වෙනකං ඉස්කොලේ යැව්වේ අම්මා, අපි හිටියේ පොඩි කාමරේක, අම්මා ගේක වැඩ කරන එකයි අඩපු එකයි අරෙන්න කරේ, මට අසීමිතව ආදරේ කරපු එකයි විතරයි.

මම 10 පාස්වෙලා ඉස්කොලෙන් එලියට අවා. කාර්ය සාධකය සමග දුන්න උප්පැනේ 'තාත්තා' ඉරක් වෙලා තිබුනා. මම කොළඹ පොඩි ජොබ් එකකට ආවා. පොඩි පඩියක්, මම අම්මට සල්ලි යැව්වා ටික දවසකින් අම්මා අසනීප උනා
එකම බෙහෙත
84225/- ඉන්ජෙක්ෂන් එක.

එච්චර ගානක් ඉල්ලගන්න මට කෙනෙක් හිටියේ නැ. රක්ෂාවට ඇවිත් ටික දවසයි. ගමේ යාළුවන්ට කීවත් උපරිම දහදාහක් හොයාගන්න පුළුවන් වෙයි එත්. ඉතිරි 74 දාහ.

මම මට විකුණන්න පුළුවන දේ ගැන හිතුව. අ‍තේ තිබ්බ සුදුයකඩ මුද්දක්
ඒකත් මංගලිකාගේ අතින් බලෙන්ම ගලවල ගත්ත එකක්. මුද්ද ගලවන්නම නෙමේ මම එයාගේ ඇගිල් වලින් ඇද්දේ. පස්සේ මම එක දුන්නම එයා, ඔයාම තියාගන්න කියල කීවා.

''සුදු යකඩ මුද්දක්'' කිසිම වැඩක් නැ මගේ වැඩේට

එක දිගට කල්පනා කරපු 70 වෙනි පැයේදී මට අපූරු අදහසක් ආවා..

''මම අත්මය විකුණනවා''

ඒත් කෝමද මම ඒක කරන්නේ ? මට හිතුනේ ආත්මය මගෙන් ගලවගත්ත නං හරි කියල.

''මට පොඩි ඉස්කුරුප්පු නියනක් ඕන..............''

මට එහෙම කියවුනා. ඊට පස්සේ මම හිමින් නැගිටල ගිහින් ලයිට් මීටරේ ගාව තිබ්බ ටෙස්ටර් එක ගත්තා. අයෙම ඇදට ඇවිත්
පවුවේ හරියටම අගල් 3 ක් පහලින් අගල් 2ක් පැත්තට වෙන්න නියන තියල තද කරා... හම තුවල කරමින් නියන බැස්සා ඊට පස්සේ ඉස්කුරුප්ප ඇනයක උ‍ඩට ‍නියන සෙට් උනා...

මටම හිතා ගන්න බැ මම කෝමද එහෙම කරේ කියලා.. මම ඇනේ හිමින් බුරුල් කරා.. පපුව අස්සෙන් ආත්මේ කෑගහන්න ගත්තා

''උඹට පිස්සුද ? මාව ගලවන්න හදන්නේ,
මාව අයින් කරලා උඹට සැනසෙන්න පුළුවන්ද ?''

උ කියාගෙන කියාගෙන ගියා.. එත් මම පයිසෙකට මායිම් කරේ නැ..
මට උගේ කියවිල්ලෙන් වැඩක් නැ. මට ඕන උව විකුණන්න..

මම ඇණ 6ක් හොයාගත්තා 6 වෙනී එක ගලවද්දි ආත්මේ කෑ ගහන එක නතර උනා.. මම හිමීට උව ගලවල ඇද උඩින් තිබ්බා..

''මෙච්චර කල් මං එක්ක හිටිය ආත්මය''

ආත්මේ ගලවපු ගමන් මගේ බර හරියටම 1/3 න් අඩු උනා. ඒකියන්නේ වැඩි බරත් උහුලල තියෙන්නේ උ

මම ආත්මේ විකුනන්න තැනක් කල්පනා කලා
mc crescat liberty
ඒත් ඒ වගේ තැනක පාර අයිනේ තියාගෙන විකුණන්න 'ගොඨා' ඉඩ දෙන් නැ.. මම මටම කෙදිරුවා..

පස්සේ මම බණ්ඩාරගම බස් එකක නැගලා ''කුරුස හංදියේ'' පොලට ගියා.
මගේ බර අඩු උනාට මොකෝ ආත්මේ බරයි, මම උව බැග් එකක දාලා ගෙනිච්චේ පොලේ සෑහෙන්න සෙනග. මං ගැන අවධානයක් නැ..
වෙලාව හවස 4 ට විතර ඇති. මම අයිනක තිබ්බ හිස් තක්කාලි පෙට්ටියත් අරං ඒක උඩ රිවිර පත්තර පිටුවක් තිබ්බා. ඊට උඩින් ආත්මේ තිබ්බා

''ලාබයි'

මම එහෙම කීවේ එක පාරයි, ලාබ නැනේ. මේක 75000/ කට වත් දෙන්න ඕන. මම කෑගහන එක නතර කරා. කාලය ගෙවිල ගියා
හයස 7 යි ගෑනු මිනිස්සු පොරකකා ලාබෙට එළවළු, පොල් කරවල අරං යනවා, තක්කාලි පෙට්ටිය දිහාවත් බලන් නැ.. මට කදුලු ආවා..

තක්කාලි පෙට්ටියක් උඩ පත්තර පිටුවක තියලා ආත්මය විකුණගන්න උත්සහ කරන කොල්ලෙක්

මටම දුක හිතුනා

''තමුසෙට පිස්සු'

සරමක් ඇදලා, ඒක යටින් ඇදුපු කොට කලිසට පේන්න පැත්තකින් උස්සං ඉන්නං ගංජා සුරුට්ටුයක් අතින් ගත්ත ''අයියා'' කෙනෙක් මං ගාව උන්නා

'ඇයි' මේක මෙතැන විකුණන්න තහනම්ද ? මම තරහින් ඇහුවා

''නැ ඕයි'' ඕක ඔතන තිබ්බට විකිනෙන් නැ.. මිනිහ කියපි...
''එහෙනං මොකද කරන්න ඕන''

මම ඇහුවා
''මට 20% දෙනවා මම විකුණල දෙන්න''

මිනිහා ආත්ම විකුණන බ්‍රොකර් කෙනෙක්. මම එකග උනා මිනිහා ලග තිබ්බා කුණු ගොඩ උඩට ගියා විතරයි නොපෙනී ගියා

හැරී පොටර් චිත්‍රපටියේ ගුප්ත ඉස්ටේෂම ව‍ගේ, මාත් ආත්මෙත් තුරුළු කරං
කුණු ගොඩ උඩට ගියා.....

ඊළග නිමේෂේ මම හිටියේ අමුතුම තැනක. එතැනත් ලොකු වෙලද පොලක්. හැම තැනම පිලිවලට නම් ගහල තිබ්බා.

විකුනන්න තිබ්බේ ආත්ම විතරයි...

මට සැනසීමක් අවා මම කොම හරි මේක විකුණනවා..මේ වෙනකෙට ගංජා අයියට මම කතාවම කියල තිබ්බේ, උටත් අනුකම්පාවක් ඇතිවෙලා වගේ, මට උදව් කරා..

අඩුම ගානකට විකිණුනේ කෙල්ලන්ගේ ආත්ම, ඒවා වික්කේ කෙල්ලෝ නෙවයි, බ්‍රොකර්ලා... (ගංජා අයියා වගේ) එයාල පෙම්වත්තු නමින් තමයි ඉන්නේ වෑන් ඩයිවර්ලා, ‍ටියුෂන් ටික්කෝ, වගේම නානා ප්‍රකාර අය...

ඊට පස්සේ තාත්තාලා අම්මාලා, එයාලා දරුවන්ගේ දේවල් වලට මුදල් හොයන්න ආත්ම විකුනන්න ඇවිත් හිටියා..

තවත් නානාප්‍රකාර අත්ම ...

පොලීසියේ අයත් හිටියා බෝතලයක ගානට වගේ ආත්මේ දීල යන්න.

''ආත්ම පොලිෂ් කරනු ලැබේ''
ගංජා අයියා මාව එතැනට එක්කං ගියා...

''මල්ලි උඹට මම උදව් කරන්නේ උඹ තමයි මෙතැනට ආත්මේ ගලවං ආපු එකම එකා, අනිත් උන් ආත්මේ ගලවගන්නේ මෙතැන ඇවිත්,
ආත්මෙට ලොකු ගානක් ගන්න නං ආත්මේ පොලිෂ් කරන්න ඕන..
තේරෙන සිංහලින් කියනවනං ආත්මේට ජරා වැඩ පුරුදු කරන්න ඕන
එතකොටයි ඒක වැඩි ගානකට විකුනන්න පුලුවන්''

මට සියල්ල වැටහුනා
''බලු වැඩ කරන ආත්ම වලට වැඩි ගානක්'' මම කීවේ ඇහෙන නොහැනෙන ගානට,

ඒත් එක්කම එතැනින් අපේ ගමේ දේශපාලකයෙක් ගියා..

''උ දැන්ද ආත්මේ විකුණන්න අවේ..'' මම අහපු විදිහෙන්ම මට සියල්ල වැටහී ඇති බව ගංජා අයියට තේරුනා..

'' නැ මල්ලි උ ඒක වික්කේ දේශපාලකයෙක් වෙන්නත් ඉස්සර, එත් උගේ ඇනයක් ගලවද්දි කැඩුනා.. ඒක මේ ලගදි අරලිය ගහ ගාව වැල්ඩින් එකෙන් බුරුල් කරං.. දැන් උ ඒක හොද ගානකට දෙයි''

එයා කීවා..
මම ආත්මේ ‍පොලිෂ් කරන තැන සේවිකාව හම්බ උනා..

''ඔයාට ආත්මේ හොද ගානකට විකුණන්න නං ඒක අපෙන් පොලිෂ් කරගන්න, අපි මිනී මර්න්න, ස්ත්‍රී දුෂණය කරන්න අම්මා තාත්තා මරන්න ආත්මෙට, පුරුදු කරනාව, එහෙම පුරුදු කරපු ආත්මෙකට
ලක්ෂ 20 ක් විතර ගන්න පුළුවන් අපිට 15% ක් ඕනෑ...''

එයා ගිරවියක් වගේ කියවගෙන ගියා මට ''හා '' කියවුනා ඒත් එක්කම
''අම්මා තාත්තා මරන්න පුරුදු කරනව''
කියන එක දෝංකාරය දුන්නා

''මගේ අම්මා''

මම ආත්මෙ එහෙ අතෑරලා දුවගෙන ආවා බර අඩුනිසා ඒක ලේසියෙන් කරන්න පුළුවන් උනා
--------------------------------
රෑ 10 යි ම විතර මම බොඩිමට ගියා
''මල්ලි කලබල වෙන්න එපා, ඔයාට කොල් එක්ක ආවා.....''
අල්ලපු ගෙයි අක්කා කියාගෙන ආවා''

''මගේ අම්මා නැතිවෙලා''