Monday, February 11, 2013





දුසැරිය
____



‘මට රු. 9 යේ එකක් දෙන්න.‘

මම ගාන ඇහෙන්නම කියල රු. 10 ක් කොන්දොස්තර සහෝදරයට දුන්නා. බීරි අලියෙක් වගේ ඇහුන කියලවත් හැගීමක් නොදක්වා එයා,

‘යන්නකෝ ඔතැන පොල්ල බදාගෙන ඉන්න එක්කෙනා‘

කියමින්, පෙට්ටිට සැමන් ටින් අහුරන වැඩේ කරන්න ගත්තා. බස් එකේ නොසෑහෙන්න සෙනග උන්නා. ඒ අය කොහේ යනවද ?
ෂිහ් මාත් හිතන්නේ ඕන නැති දේවල්. මම වට පිට බලල කොන්දොස්තර ව හෙව්වා. මොකද මට රු. 1 ක් ඉතිරි ගන්න තියනවා.

අන්දරේගේ කිරිපැණි කතාවක් අහල තිබුනා. කොච්චර කෑවත්, කිරිපැණි ටිකක් නං කන්න පුළුවන් කියපු. ඒ රජතුමා එනකොට ඉඩදෙන ජනතාව වගේ. කොන්දොස්තර සහෝදරය එනකොට මගීන් ඒ වගේ ඉඩ දෙන් නැ.
පෑගුනත් නැතත්, ගෑවුනත් නැතත් එයා ලස්සනට ඉඩ හදාගන්නවා. මට ලැජ්ජාවක් වගේ එකක් ආවා. ලොකු ගෑනු පස්සවල් දෙකක් මැදින් සහෝදරය අපූරුවට තල්ලුවෙලා ගියා.

බහින තැන ලං උනා. මම කොන්දොස්තර සහෝදරයව බලන්න හෙමීට බස් එකේ ඉස්සරහට ගියා. සෙනග ටිකෙන් ටික අඩු උනා. ඉස්සර දොර ලග උන්න කොන්දොස්තර සහෝදරයා. අමතක උන අයට මතක් කරන තරම් කාරුනික කෙනෙක් උනා.

‘අතේ මාරු ඇති රුපියල ඉල්ල ගන්න ඕන ‘ මම එහෙම හිත හිතා බැස්ස
සහෝදරය පේන්න නැ මම වට පිට බැලුවා. එයා පස්සේ දොරෙන් අයෙම නැගලා.

‘‘හරි යං‘‘ බස් එක මගේ රුපියලේ බලාපොරොත්තුවත් අරං හෙමීට ඇදුනා.

-----------------------------
පොඩි රැකියාවක් කරන බොඩිං ජීවිතයක් ගෙවන මට, මාසේ 25 - 30 කියන්නේ අමාරු දවස්. ඒක ගෑනුන්ගේ අමාරු දවස් වගේ එකක්. හිසරදේ, සහ සාක්කුව හිස් වීමේ මානසික අවපාතයෙන් මම සෑහෙන්න බැට කෑවා. බෝඩිමේ කෑම එක ලැබෙන නිසා ඒ අයට වගේ බඩේ අමාරුව දැනුන් නැ.

වැඩ කලේ බෝඩිම ලගම කැනක, ඇගටත් හොදයි කියල මම පයින්ම වැඩට ගියා. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එයි මම 10 කොලයක් කොන්දොස්තර සහෝදරයට දීලා යන්නේ කොහෙද කියලා.

ඇත්තටම කීවොත් මම යන්නේ තාත්තා ගාවට. රු. 1000 නැවත නොගෙවන ආදරනීය ණයක් ඉල්ල ගන්න. වත්තේ පහල තිබ්බ ඇට්ටෝනියා ගහක්, තාත්තා සල්ලි කරලා. හිතේ උපන් දරු දුකට,
රැයාවක් කරන පුතාට සල්ලි කීයක් දෙන්න පියානන්ට පිං සිතක් පහල වෙලා. ඒ ගනු දෙනුව - නැ නැ ගනුව ගන්න මං මේ ගෙදර යන ගමන්.

මසේ අන්තිම නිසා මං අතේ සන්තකේම තිබ්බේ රු. 110/- යි.
ඒක කියන්න ලැජ්ජ වෙන්නේ මොකටද ? ඒකත් නැති අය කොච්චර ඉන්නවද ? මං හරි දක්ෂයි හිත සනසගන්න.
මං එහෙම්මම කරා.

-----------------------------------------------------

ගමට යන බස් එකක නැවතුමේ තිබුනා. සෙනග ගොඩක් නැත්තේ
ඉරිදා නිසා වෙන්න ඇති. මං එහෙම හිත හිතා බස් එකට ගොඩ උනා.
බස් එකේ පස්ස රෝදේ උඩ තියන සීට් එකේ යන්න මම කැමතියි.
ඒ ඒක ටිකක් උස නිසා. මොකද බස් එකට නගින ලස්සන කෙල්ලක්
කෙහේ හිටියත් මට පේන නිසා. ගිහින් ලගින් ඉදගන්න, ඔයා කොහෙද
මට එහෙම අහන්න ටිකක් ලැජ්ජයි.

‘තමුසෙට මොකටද ඒක‘ එහෙම අහයි කියල මගේ හිත කීවා

‘කැන්දපාන ට එකක් ‘ මම අතේ තිබ්බ 100 දික් කරාට කොන්දොස්තර අයියා ගේ මූන බැලුවේ නැ. මොකද ඒ ටිකට් එක 101 කියල මම දන්න නිසා. රුපියලක් අඩුයි.

‘101‘ එයා ටිකක් සද්ද කරල කීවා. මම හිනා උනා. ඒත් දෙන්න රුපියලක් මං ගාව නැ. මං හිතුවා මං වගේම එයත් රුපියල අමතක කරයි කියලා.

‘මේ මල්ලි 101 යි තව රුපියලක් ඕන.‘

මං ආයෙම හිනා උනා. උස සීට් එක නොදකිං. ඔක්කොටම මාව පේනවා.
මං ජනේලයෙන් අනන්තය හෙව්වා.

කොන්දොස්කර දෙයියෝ සද්දේ වහල ඉස්සරහට ගියා. හැමෝට ම බස් එකේ යන එකේ යුතුකම කරන්න එයා අවස්තාව ලබල දුන්නා. අපහු මං ගාවට එනකොට මට දෙවි මූන අස්සේ යක්ෂ මූනක් පේන්න ගත්තා.

‘‘මේ මල්ලී තව රුපියලක් ඕන. මේ බස් ආන්ඩුවෙන් අපිට නිකං දුන්නේ නැ. රුපියලක් නැත්තං මගින් බහිනවා. මගුල ටිකට් එක ඉල්ලන්න කලින් තියෙන්නේ ඔච්චරයි කියල කීවනං ම 100 ටිකට් එකක් දෙනවා.‘‘

යක්ෂයා මාව නිරුවත් කලා. මට දැනුනේ මං සීට් එක උඩ හෙලුවෙන් ඉන්න ගානට. හුගක් අය රුපියලක් වෙනුවෙන් මං දිහාම බලාගෙන හිටියා.

කුඩු කාරයෙක්, පොකට් කාරයෙක්, හිංගන්නෙක්..

උන්ගේ ඇස්වල එහෙම තියෙන්න ඇති. ඒත් මගේ ඇස් බොදවෙලා තිබ්බ නිසා මට ඒක එහෙම්මමද කියලා හරියටම හිතාගන්න බැරි උනා.

‘‘ අයියා මම රු. 9 ට උදේ 10 ක් දුන්නා එයා මට රුපියලක් ඉතිරි දුන් නැ‘‘

මම කෙදිරි ගෑවා. ඊටත් වඩා කියන්න දෙයක් මට තිබ්බේ නැ.

‘‘මේ අහනවා. රුපියලක් ඉල්ලගන්න. රුපියලක් නැති ඔහේට ලැජ්ජයි.
ලක්ෂ 40 ක බස් එකක් තියන මට තමුන්ගෙන් රුපියලක් ඉල්ලන්න ලැජ්ජ නැ.

යක්ෂයා වට පිට බලල මෙහෙම කීවා.

‘මල්ලී මේ අහගන්නවා ලැජ්ජාව කියන්නේ රුපියල ඉල්ලන්න බැරි කම නෙවෙයි. එක ඉල්ලන්න කොන්දක් නැති කම, පොන්න කම‘‘

එයා අන්තිම වචනේ, ඒක කීවේ කනට කරලා.

---------------------------------------------------------

‘‘මට රු. 9 එකක් දෙන්න.
මේ මහත්තායා මට ඉතුරු රුපියල දෙන්න. මොකද ගාන රු. 10 නෙවෙයි නේ. 9 නේ‘‘
 —.....
1

Monday, January 21, 2013





                  ‘එම්. බ්‍රහ්ම‘
        -------------

මම නම ලියල තිබ්බ ත්‍රිකෝණාකාර පිත්තල පුවරුව අතට ගත්තා.
ඈතට ලස්සනට තිබ්බට ඒක එච්චරම ලස්සන නැ. අකුරු කැතයි වගේ
ඒ.සී. එක එච්චරම සීතල නැ. මම ඒක වැඩි කරන්න පුළුවන්ද කියල බලන්න වට පිට බැලුවා.

කාමරේ පුරා ගාලා තිබ්බේ පැහැදිලි කරන්න බැරි වර්ණයක්. මම කලිසම් සාක්කුවට අත දැම්මා. කාසි ටිකක් එක්ක ඇඹරිල තිබ්බ කොලේ අතට ගත්තා.

ළමාවිය - ආහාර, ඉගෙනීම, තත්වය
තරුන විය - පෙනුම රැකියාව සහ ආදරය
මැදිවිය - මොකවත් නැ.

ඒ මම ලියාගෙන අපු ටික.

‘‘තව ටිකකින් එනවා‘‘
එහෙම කියල ‘අභිර්භූධන‘ දොර වහගෙන එලියට ගියා.

ටිකක් අපහැදිලියි නේද ?

හරි මම මුල ඉදල පහදල දෙන්නම්. මේ තියෙන්නේ ‘‘මහ බ්‍රහ්මයාගේ‘‘ නැත්තම් මහ බඹාගේ භවන. මං මේ වාඩිවෙලා හිටියේ එයාගේ නිළ හමුවීම් කාමරේ, දොර වහගෙන ගියේ මගේ ඉෂ්ධ දේවතාවා. ඒ කියන්නේ අභිර්භූධන.

මිනිහෙක් හැටියට ‘මහබබාව‘ හම්බවෙන්න මං සෑහෙන උත්සහ කරා. අන්තිමේදී ඒකට මට උදව් කරේ අභීර්. එයාව හම්බුන විදිහ ලොකු කතාවක්
දැන් ඒක කියන්න වෙලාව නෙවෙයි.

මම පැයකුත් විනාඩි 17 ක් එතුමා එනකං බලා හිටියා. මට තිබ්බා ලොකු දුක් ගැනවිල්ලක් කියන්න. ඒත් එතුමා ගේ හැසිරීම අනුව කියන්න පුළුවන් වෙයිද ? නැත්තං අමතක වෙයිද කියල හිතුන නිසා මම මගේ දුක සාරංශ කරල ලියාගෙන ආවා.

මට පොඩිකාලේ මතක් උනා. කන්න නොකා හිටිය වේල් ගනන. පොත් පත් ටිකක් ගන්න බැරිව වින්ද අපහසුව. ඉරිච්ච කලිසං නිසා ලමයි දාපු නොක්කාඩු. මට ඇඩෙන්න ආවා.

මම නහයට උරපු හොටු උඩට ඇද්දා.

කදුලුයි හොටුයි අතර සම්බන්ධය ගැන හිතුනා. ඇඩෙන කොට ඇයි හොටු එන්නේ. ෂික් මොනවද මං මේ හිතන්නේ දැන් ‘එතුමා‘ ආවම කියන්න තියෙන දේවල් අමකත වෙනවා.

දවසක් පොලිසියේ රාලහාමි කෙනෙක් කීවා මට මෙතැන ‘යූ ටර්න්‘ ගහන්න බැ කියලා. එත් එතැන පුළුවන් බව මම දැනගෙන උන්නා. මම පොලීසියට ගියේ ලොකු මහත්තයාට රාලහාමිගේ වරද කියන්න. ඒත් ලොකු මහත්තයා මං දිහාවත් නොබලා

‘‘මෙයාට දඩ කොලේ ගෙවන්න බැරි නං උසාවි දාන්න‘‘

කියල යන්න ගියා. මම එක් මතක් වෙලා වඩාත් ‘සංවර‘ උනා.

ටිකකින් සුවදක් ආවා. ඒක තමන් ආස ආස හිතෙන විදිහට වෙනස් වෙන සුවදක්. මට රම් බෝතලයක සුවද ආවා. ඒත් එක්කම රත්ත්‍රන් සළුවක් ඇදගත්ත සුදු රැව්ලක් තියෙන උත්තමයෙක් කාමරයට ආවා. මම නැගිට්ටා. නෙවේ නැගිට්ටුනා.

‘ඇයි ආවේ ඔබට මොනවද ඕන‘ එයා කාරුණිකව ඇහුවා.
ඕ අයි සීට වඩා හොදයි. මට හිතුනා.

‘මම ආවේ මං වින්ද දුක කියන්න. ඇයි මට මෙහෙම ජීවිතයක් දුන්නේ‘

‘හරි. ඒව ඉවරයි දැන් ඔබට ඕන දේ කියන්න‘‘

‘මට ඕන, එහෙම කලේ ඇයි අහන්න දන්නවද මට දැන් වයස 40 යි
දවස් වලින් 14600 ක්, මම කනස්සල්ලෙන් හිටියා. ඔබ තුමා දැන් මට මොන දේ දුන්නත් වැඩක් වෙනවද ? ඒ ගෙවපු අතීතය ආපසු ගන්න බැරි නං‘‘

‘හරි. ඒව ඉවරයි දැන් ඔබට ඕන දේ කියන්න‘‘

‘නැ මට දැන් ගන්න ඕන ඇයි එහෙම කරේ කි......‘‘

‘‘උඹ දන්නවද කා එක්කද කතා කරන්නේ කියලා. වහාම පිටවෙලා පලයං
දැන්නම් මම මේ මොහොතේම උඹව බල්ලෙක් කරනවා‘‘

මට ඉහවහා ගිය කේන්තියක් ආවා. නොදකිං මූත් අර ඕ. අයි. සී.ට දෙවැනි නැ

‘‘ ඉතිං කරනවකෝ. මට තමුසේ මොකක් කලත් මොකද. මේ ජීවිතයට වඩා මට අනිත් හැම එකක්ම හොද කොට.‘‘

මම ආපසු එන්න හැරුනා. හැරිලා

‘දැන ගන්නවා මං හැමෝටම කියනව තෝ පගාකාරයෙක් කියලා පගා අරන්
මිනිස්සුන්ට සැප දෙනවා කියලා‘‘

මම දොර ලගට ආවා.

‘ඕයි ... ටිකක් ඉන්නවා‘‘

මම නැවතුනා මිනිහා මං දිහා බලාගෙන උන්නා

‘ත මු සේ මහ වා ත ය ක්‘‘

මිහිහ ඇදල පැදල කීවා. මට හිනා ගියා. ඒක කියන කොට මිනිහගේ මූනේ තිබ්බේ සමහර දවස්වලට මගේ මූනට ඇදෙන රටාවක්.
‘සසරම එපා උන රටාව‘ මගේ ඒක හැදින්නා. ඒ කියන්නේ මූ අහිංසකයෙක්.

මිනිහා (එම් බ්‍රහ්ම) මට අතින් සංඥා කලා දොරේ අගුල දාන්න කියලා. මම නැගිටල දොරේ උඩ‍ට තල්ලු කරන කූර තල්ලු කලා. අහන් නැතුවම
‘ඇත- නැත‘ බෝඩ් එකේ ‘නැත‘ කියන එකට මාරු කරා. මම පුටුවේ වාඩි උනේ සැහැල්ලුවෙන්. අද ඕක්කොම කියනවා. මම හිතුවා.

‘දන්නවද මට හොද ළමා කාලයක් දුන්නේ නැ. බඩගින්නේ තිබ්බා.
ලැජ්ජාවට ලක්වෙන්න සැලැස්සුවා. හොද තරුණ කාලයක් දුන්නේ නැ.
අඩුගානේ ලොකු ‘ඇගක්‘ වත් දුන්නේ නැ. මට මං ආස කලේ කොන්ඩේ දිගට තියන කරණාවනත් කෙල්ලෙක්........

හා හාං හා ...........

මිනිහ මහ සද්දෙන් හිනාවෙන්න ගත්තා. පුටුවෙන් නැගැට්ටා. අයිනේ තිබ්බ මංජුසාවක් ඇරියා. මට රන්කාසි දෙන්න හදනවද ? මම විමසිලිමත් උනා. මිනිහා එකෙන් ගත්තේ පරන විස්කොතු ටින් එකක්. එකේ පියන ඇරල, මිනිහා කාමරේ කොනේ බිම වාඩි උනා. රෙද්දට යටින් අත දාලා කඩදාසියක ඔතපු බුලත් විටක් අරගත්ත. හිමීට විටක් හදං කටේ දාගෙන ඉතුරු ටික මට දික් කරා. ඊට පස්සේ කෙල ටික ටින් එකට ගැහුවා.

‘දැක්කොත් කේස් ඕයි‘

අයෙම විට මං දිහාවට දික් කරා.

‘සිගරට් නැද්ද‘ මං පුටුවේ. මහබබා බිම. එහෙම අහන්න මට දිරි ලැබිලා තිබුනේ.

‘තමුසේ නං ඕයි මාවම කන්න අපු එකෙක්. අර පොඩි ලාච්චුවේ ඇති. හැබැයි දුම් දාන්න ඕන ඒසී වතුර බටේ ගලවල ඒකට. කැමති නං බොනවා.‘‘

මම ජීවිතේ පලමු පාරට කැමැත්තෙන් එකග උනා. මම සිගරට් එක පත්තු කරල මිනිහ ගාවම වාඩි උනා.

‘‘ඇයි ඕයි මට මෙහෙම කරේ.‘‘ මගේ කට හඩ හැඩුම් බර වෙලා තිබ්බේ

‘‘කාටත් ඕහොම තමයි. ඒත් අනිත් උන් ‘එක‘ සැප වින්ද දවසකට, දුක් වින්ද ජීවිතයම අමතක කරනරවා තමුසේ එහෙම නැ. ඒකයි වෙනස. මට දෙන්න පුළුවන් සැප විතරයි. සැනසිල්ල තමං හදාගන්න ඕන.

මට කේන්ති ගියා.

බොරු කියන්න එපා. අනිත් උන්ට සැනසිල්ල දෙන්නේ තමුන් නෙවේද ?

‘‘නැ බං ඇත්තමයි. මං සැප එහෙම නැත්තං ධනය විතරයි දෙන්නේ. සැනසීම දෙන්නේ ‘කර්මය‘ කියන මගේ ලොකු මස්සිනා. ඇත්තම කියනවානං සැප දෙන්න මං එක එකාගෙන් ‘ගත්ත‘ නිසා තමයි බං මාත් මේ විදවන්නේ. ලොකු මස්සිනාගෙන් මං ඉල්ලුවා සැනසීම ටිකක් දිංය කියලා. උ කියනවා තෝ වගේ පගා කරයින්ට ඒක ලැබෙන් නැ කියලා.‘‘

මිනිහ හූලන්න ගත්තා. මට දුක හිතුනා.

‘අන්න තමුසෙට දුක හිතුනා නේද. අන්න ඒක දැනෙනකං තමුසෙට සැනසීම ලැබෙන් නැ. ඕන නං සැප ලැබෙයි.‘

මං නැගිට්ටා. මිනිහට නැගිටින්න අත දුන්නා. මිනිහ ගලවපු ඒසි එකේ වතුර බටේ හයි කරලා. බිස්කට් ටින් එක වැහුවා.

‘කරන්න දෙයක් නැ මල්ලි. තමුසේ ගැන මට දුකයි. මෙහෙම කරනවා
ඉතිරි කාලේ අවුරදු 30 ක් නං ඒක දවස් 365 කෑලි වලට කඩා ගන්නවා
එක දවසක් වෙන වෙනම ගෙවලා දානවා. එදාට ඉන්නවා හෙට ගැන හිතන් නැතුව. මං ඒක අත්හදාබැලුව, මරු.‘‘

මට තේරුම් ගියා හරි 365*30 - නියමයි.!
මං යන්න ලෑස්ති උනා. යාලුවා ගැන දුකක් දැනුනා මම මිනිහව බදාගත්තා.
මිනිහත් මාව බදාගත්තා.

‘මේ මිනිස්සුට සැප දෙන්න මං සල්ලි ගත්ත බව කාටවත් කියන්න එපා. එතකොට මිනිස්සු මං ගැන තියන විශ්වාසය කඩා ගන්නවා. ඒත් මං සැප දීලා කරන්නේ උන්ට අයහපතක් කියල උන් දන් නැ. මොකද ලොකු මස්සිනා මං වගේ නොවයි. උන්ගෙන් සැනසිල්ල උදුර ගන්නවා කිසිම හිතක් පපුවක් නැතුව‘

මම ඔළුව වැනුවා. දෙරේ අගුල පන්නලා එලියට ආවා අන්තිමේට යාළුවා මෙහෙම කියනවා ලාවට වගේ ඇහුනා.

පුළුවන්නං දුක හිතෙන එක අඩුකරගන්නවා ලොකු මස්සිනා උදව් කරයි.
බැරිම නං විටක් කනවා, මේ මං වගේ.

--------------------
මම උදේම නැගිට්ටා. අද එක දවසක්. පැය 24 ක්. මම ඒක කොහොම හරි ගෙවනවා. මට ඒ ඇති.

3Unlike ·  · 

Friday, January 18, 2013


සැහැල්ලුව
---------------
මට ආසයි
මල් වතු උඩින්, තුරු මුදුන් උඩින් සැහැල්ලුවේ
පියාඹන්න

ඔයා මං ලගම ඉදන්
දෝවනය කරනවා මාව, හිමිකාර, ඉරිසියාකර
ආදරෙන්

මගේ අසරන පියාඹන සිහිනය
බොදවෙලා, තෙමුන නිසා ඔබේ, ආදර වැස්සට
අත්තටු

හිතත් බරයි, තටුත් බරයි
වියපත් සිරකරුය මං, ආත්මාර්ථ ආදර විජිතයක
හිර උන.

-----------------
@ හිර ගෙය බිදින්න උලක් මුවහත් කරමින්


සැහැල්ලුව
---------------

මට ආසයි
මල් වතු උඩින්, තුරු මුදුන් උඩින් සැහැල්ලුවේ
පියාඹන්න

ඔයා මං ලගම ඉදන්
දෝවනය කරනවා මාව, හිමිකාර, ඉරිසියාකර
ආදරෙන්

මගේ අසරන පියාඹන සිහිනය
බොදවෙලා, තෙමුන නිසා ඔබේ, ආදර වැස්සට
අත්තටු

හිතත් බරයි, තටුත් බරයි
වියපත් සිරකරුය මං, ආත්මාර්ථ ආදර විජිතයක
හිර උන.

-----------------
@ හිර ගෙය බිදින්න උලක් මුවහත් කරමින්
 — 

Thursday, January 3, 2013



"පොරොන්දම "


මං එහෙම හිතාන පුටුවේ දිග ඇදුනා.
කිලෝ මීටර් භාගයක් වැස්සේ, කන්දක බයිසිකලේ තල්ලු කරං ආපු නිසා කකුල් දෙක වේවලනව වගේ, මම සපත්තුව අනිත් කකුලින් ගලවල ටීපෝ එකේ කකුල් දෙක තියාන ඇස් පියා ගත්තා.

‘‘බයිසිකලේ අයිනටම දාලා ආවනං ලේසිනේ ‘‘

ඒ බිරිදගේ තුන්වන ඉල්ලීම. මොකද මහන්සිය නිසා මම බයිසිකලේ නැවත්තුවේ ගේ ඉස්සරහ. එතකොට දෙවැනි ඉල්ලීම උනේ. ඔයා තෙමිල ඉන්න නිසා, පිටිපස්සෙන්ම ගිහින් නාගන්න කියන එක.

‘අද නරක දවසක්‘ දෙවියොත් එක්ක වැඩි ආශ්‍රයක් නැති නිසා මම එහෙම හිතන්න හිතුවේ නැ. ඒත් අද නං කුජීත දවසක්. එත් එක්කම බිරිදගේ පළමුවන ඉල්ලීම මතක් උනා.

‘‘ ඇයි රෑ උනේ මම ඔයා එනකං හිටියේ පාන් එකක් ගෙන්න ගන්න, සුදූට හෙට ඉස්කෝලේ ගෙනියන්න“

වැස්සට මොකක් හරි වෙලා ගෙට ටිකක් දුරින් බයිසිකලේ නතර උනා.
බයිසිකලේට මක් වෙලාද ? ඈ කියන ඒවා ඉල්ලීම් හැටියට තේරෙන ඇයි කියල මට හැමදාම හිතුනා.

බිරිදගේ ඉඩමක ගෙයක් හැදුව නිසා රැකියාව කරන්න මට සදුදා උදේම කොළඹ එන්න වෙනවා. අයෙම ගෙදර යන්නේ සෙනසුරාදා හවස
බෝඩිං කාමරයක දවස් 5 ක් රෑ ගෙවන මම දවස් දෙකක් ‘නිදහස‘ හොයාන යනවා.

සේල්ස් රෙපෙක් වෙච්ච මගේ රැකියාට කැමති උනත් නැතත් දැන් ඒක ජීවිතය වෙලා තිබුනේ. කඩවලට වාරකන් කාල තිබ්බට ආයතනයට ඒක අදාල නැ. මට මේ මාසේ තිබ්බ ඉලක්කයට තවත් ලක්ෂයක් සපුරන්න තිබ්බා.

මම උදේම මහ වැස්සෙම එලියට බැස්සා. හවස ගෙදර යන්න කලින්
ඉලක්කයෙන් භාගයක්වත් සපුරන්න හිතාගෙන. මාසේ අන්තිම නිසා පසුම්බිය සැහැල්ලු සුව වින්දා, එත් ඔළුව එකේ අනිත් පැත්ත. කඩෙන් කන්න යන වියදම වැඩි නිසා බෝ
ඩිං කාමරය ලග ගේකින් මම කෑම ගත්තා. කෑම එකත් මල්ලට දාගෙන මම වැඩේට බැස්සා. වැස්සෙම කඩෙන් කඩේ ගානේ ගියා දවල් කඩයක වහලකින් එකපාර ආපු වතුර පාරක් මගේ කෑම එක තිබ්බ බෑග් එක සුනාමියකට අහුඋනා.

‘බත් සුප්‘ මට ටිකක් වේදනාවක් ආවේ සාක්කුවේ සැහැල්ලුව මතක් වෙලා.
මම බඩගින්නේම වැඩේ කරගෙන ගියා. මගේ ඉලක්කය උනේ රෑ 9.00 ට පෙරවත් ගෙදර යන්න. එහෙම හිතාන වැස්සෙම එන්න ආවා.

‘වාහනයක් හැප්පිලා ‘

පාරේ හිටිය කෙනෙක් කියනවා ඇහුනා. ගමන මාර්ග තදබදය නිසා පරක්කුවෙන හැඩයි.

මම උදේ ඉදන් වෙච්ච දේවල් බිරිදට කියා ගෙන කියා ගෙන ගියා. මම හිටියේ ඇස් වහගෙන එත් මම බිරිදගේ මුන දැක්කා. එයාගේ ඇස් දුකින් බරවෙලා තිබ්බා ඇස් කදුලින් බොද වෙලා. මට හිතුනා එයා නැගිටල මගේ ලගට එනවා වගේ හිස අතාගානව වගේ. ඇස් පියාන උන්න මගේ කටහඩ තවත් ඇඩුම්බර උනා.

‘‘බැරිම තැන මම කඩේකට ගියා. බඩගිනි කලන්තේ වගේ. අතේ තියන ගාන බලල මම කොත්තුවක් ඉල්ලුවා. කඩේ කොල්ලා කොත්තුව ගෙනත් තිබ්බා මම ජැකට් එක ගලවන්න අත දිගෑරිය විතරයි මිනිහගේ අතේ තිබ්බ හොදි එක මගේ ඇගේ හැලුනා.‘‘

ගහෙන් ඇන්න මිනිහට ගොනා ඇන්න වගේ දුකින් මම ඒ ටික කියාගෙන ගියා මම දැන් බිරිදගේ ඇඩුමක් හිතින් බලාපොරොත්තූ උනා. ඒත් මට මහා ආත්මානුකම්පාවෙන් පිරුන මගේ හිත ඇය පිරිමදියි කියලත් දැනුනා..

‘සරාස්‘
සද්දෙන් මම හීන ලෝකෙන් මිදුනා බිරිද වේගෙන් පුටුව පස්සට තල්ලු කර නැගිට්ටා. මාව පසුකර යන ගමන්

‘අපිට තමයි කොත්තු නැත්තේ. මං මෙහේ බත් තම්ම තම්බ ඉන්න ඕන‘
කියගෙන ගියා.
---------------------------------------------------------------------------
සදුදා උදේ දියනිය පාසැල ගාවින් දාගෙන මම කොළඹ එන්න පිටත් උනා

දවස් 2 ක් ගෙදර රෑ ගෙවන මම දවස් පහක් ‘නිදහස‘ හොයාන යනවා.
ප්ලෙන්ටියක් සිගරට් එකක් පාන් භාගයක් තනිකමක් - සහ නිදහසක්
 ......

Sunday, December 23, 2012


මං අමාරුවෙන් සපත්තුව ගැලෙව්වා 

ටිකක් වෙන්න‘ අරං‘ හිටිය නිසාම නෙවෙයි, බඩ වැඩි හින්දා
නැමෙන්න අමාරුයි. හිතින් බිරිදට දොස් කිය කිය මම මේස් එකත් ගලවල දැම්මා. බිරිදට මේකට ගෑඋනේ මේස් දාලා
සපත්තු දාගෙන යමු කියල කීවේ එයා නිසා. මොකද මම ආස කැෂුවල් අදින්න. අද බිරිදගේ යෙහෙලියකේ සාදයක්.

අමාරුවෙන් මේස් එක ගලවද්දි මේස් එක කටපිටට ගැහුනා
මට පොඩි කාලේ මතක් උණා. මේස් එක ඉස්සරහින්  ඇදල ගලවන්න කියල කීයල අම්මා මට නිතරම කියල තියනවා.

ගලවපු මේස් එක කනපිටට හැරිල තියෙනකොට
අපේ ‘හිතත්‘ මේ විදිහට කනපිට හරවල කාට හරි බලන්න පුළුවන් උනානං කියල හිතුනා.  එත් ඒක බලන්න පුළුවං පළමු තත්පරෙදීම තියෙන ඇදුම් ටිකත් ගැලවෙන බව දැනිල,
මටම හීන් හිනාවක් ගියා.

ඉස්සර අපේ ගෙවල් එළිය උනේ භූමිතෙල් ලාම්පු එලියෙන්
එකම එක චිමිනි ලිම්පුවක් සහ බල්බ් එකකින් හැදුව කුප්පි ලාම්පුවකින් අපේ ලෝකය එලිය උනා. ඒක අදුරුයි කියල උඩු හිතින් හිතුනට  කනපිට ගහපු හිතින් බැලුවම ඒක මාරම එලියයි.

කහපාට දැල්ලකින් කාමරේ එළිය වෙනවා. කුප්පි ලාම්පුව හදන්නේ මම. මම ඒකට වැඩ්ඩා. 

මං මගේ හිත තවපාරක් කනපිට ගහුව.

අපේ ගෙදරට භූමිතෙල් බෝතලයක් දවස් 3 කට විතර සෑහෙනවා. ගෙදර කඩේ යන කොල්ල මමම නිසාම ඒක පැවරුනේ මට. ගෙවල් ලග කඩවල් දෙකක් තියනවා එකක 4.25 ක් සහ අනකේ 4.75 ක්
මම ගෙදරට මගේ ලොකුම බොරුව කියන්න පුරුදු උනා.

‘‘භූමිතෙල් බෝතලයක් 4.75 යි අම්මා ‘‘

අහිංසක, දරුවන් බොරු නොකියයි කියල හිතන මාතවක් උන ඇය කිසි තිත්තක් නැතුව ලස්සනට මගේ ගුලිය ගිල්ලා. මම දවස් 3 කට පාරක් ශත පණහක් හොරකම් කරන - (චී ලැජ්ජ හිතෙතෙන වචනයක් ඒක) වංචා කරන කොල්ලෙක්

ශත පනහට මම කරන්නේ දිග රුලං කෑල්ලක් කන එක. අගල් 4 ක් විතර  දිග ටිෂූ කොලයකින් ඔතල තියන රුලං කෑල්ල කන්න මට කඩේ ඉදල වෙල දිගේ ගෙදර එනකම්ම බැ. 

මට රුලං කෑල්ලක් කෑමේ අයිතිය අහිමි කලේ සහෝදර. දවසක් මං අසනීපෙන් ඉන්න නිසා එයාට කඩේ යන්න උනා. එතකොට එයා ඉලන්දාරියෙක් නිසා කඩේ යන්න අදිමදි කරන කාලේ.  එදා ඉදල මට ශත පනහ අහිමි උනා. ශත පනහ වෙනුවට මාස ගානකට සෑහෙන්න හම්බ උනා. ශත පනහක් ගත්තා කියල නෙවෙයි. ඒක කීවේ නැ කියලා.

බොරු කරන්න කවුරුවක් කීවේ නැ. ඉගැන්නුවෙත් නැ.
අඩුගානේ ඉස්කොලේ යාළුවෙක්ට වත් කීවේ නැ. මොකද ඒක
නරක වැඩක් කියල මං දැනගෙන උන්න නිසා. ශත පනහේ සිද්ධිය මගේ හිතට වද දෙන දෙයක් වෙන්න ගත්තා.

‘මම මහ හොරෙක් ‘
මගේ හිත මටම කියන්න ගත්තා. 

‘මොකද තනියම හිනාවෙන්නේ‘ 

බිරිදගේ හඩින් මං ‘සිත‘ අවුරුදු ගානක් ෆෝවර්ඩ් කලා
මට හිනාගියේ  කනපිට ගහපු මේස් එක වගේ හිත් අනුන්ට බලන්න පුළුවන් නං කියල

එහෙනං අහුවෙන තරමක් අහුවෙන්නේ බඩු හොරු  නෙවෙයි ‘හිත්‘ හොරු ...........

ඇස් වලින් බලල හිත්වලින්  කරන වංචාව එක්ක  අර
 ‘ශත පනහ‘ මොකද්ද කියල  මට හිතුන ..........

---------------------------------------------------------------------------------

මං අනිත් මේස් එක අග්ගිස්සෙන් අල්ලලා ඇද්ද.




මං අමාරුවෙන් සපත්තුව ගැලෙව්වා

ටිකක් වෙන්න‘ අරං‘ හිටිය නිසාම නෙවෙයි, බඩ වැඩි හින්දා
නැමෙන්න අමාරුයි. හිතින් බිරිදට දොස් කිය කිය මම මේස් එකත් ගලවල දැම්මා. බිරිදට මේකට ගෑඋනේ මේස් දාලා
සපත්තු දාගෙන යමු කියල කීවේ එයා නිසා. මොකද මම ආස කැෂුවල් අදින්න. අද බිරිදගේ යෙහෙලියකේ සාදයක්.

අමාරුවෙන් මේස් එක ගලවද්දි මේස් එක කටපිටට ගැහුනා
මට පොඩි කාලේ මතක් උණා. මේස් එක ඉස්සරහින් ඇදල ගලවන්න කියල කීයල අම්මා මට නිතරම කියල තියනවා.

ගලවපු මේස් එක කනපිටට හැරිල තියෙනකොට
අපේ ‘හිතත්‘ මේ විදිහට කනපිට හරවල කාට හරි බලන්න පුළුවන් උනානං කියල හිතුනා. එත් ඒක බලන්න පුළුවං පළමු තත්පරෙදීම තියෙන ඇදුම් ටිකත් ගැලවෙන බව දැනිල,
මටම හීන් හිනාවක් ගියා.

ඉස්සර අපේ ගෙවල් එළිය උනේ භූමිතෙල් ලාම්පු එලියෙන්
එකම එක චිමිනි ලිම්පුවක් සහ බල්බ් එකකින් හැදුව කුප්පි ලාම්පුවකින් අපේ ලෝකය එලිය උනා. ඒක අදුරුයි කියල උඩු හිතින් හිතුනට කනපිට ගහපු හිතින් බැලුවම ඒක මාරම එලියයි.

කහපාට දැල්ලකින් කාමරේ එළිය වෙනවා. කුප්පි ලාම්පුව හදන්නේ මම. මම ඒකට වැඩ්ඩා.

මං මගේ හිත තවපාරක් කනපිට ගහුව.

අපේ ගෙදරට භූමිතෙල් බෝතලයක් දවස් 3 කට විතර සෑහෙනවා. ගෙදර කඩේ යන කොල්ල මමම නිසාම ඒක පැවරුනේ මට. ගෙවල් ලග කඩවල් දෙකක් තියනවා එකක 4.25 ක් සහ අනකේ 4.75 ක්
මම ගෙදරට මගේ ලොකුම බොරුව කියන්න පුරුදු උනා.

‘‘භූමිතෙල් බෝතලයක් 4.75 යි අම්මා ‘‘

අහිංසක, දරුවන් බොරු නොකියයි කියල හිතන මාතවක් උන ඇය කිසි තිත්තක් නැතුව ලස්සනට මගේ ගුලිය ගිල්ලා. මම දවස් 3 කට පාරක් ශත පණහක් හොරකම් කරන - (චී ලැජ්ජ හිතෙතෙන වචනයක් ඒක) වංචා කරන කොල්ලෙක්

ශත පනහට මම කරන්නේ දිග රුලං කෑල්ලක් කන එක. අගල් 4 ක් විතර දිග ටිෂූ කොලයකින් ඔතල තියන රුලං කෑල්ල කන්න මට කඩේ ඉදල වෙල දිගේ ගෙදර එනකම්ම බැ.

මට රුලං කෑල්ලක් කෑමේ අයිතිය අහිමි කලේ සහෝදර. දවසක් මං අසනීපෙන් ඉන්න නිසා එයාට කඩේ යන්න උනා. එතකොට එයා ඉලන්දාරියෙක් නිසා කඩේ යන්න අදිමදි කරන කාලේ. එදා ඉදල මට ශත පනහ අහිමි උනා. ශත පනහ වෙනුවට මාස ගානකට සෑහෙන්න හම්බ උනා. ශත පනහක් ගත්තා කියල නෙවෙයි. ඒක කීවේ නැ කියලා.

බොරු කරන්න කවුරුවක් කීවේ නැ. ඉගැන්නුවෙත් නැ.
අඩුගානේ ඉස්කොලේ යාළුවෙක්ට වත් කීවේ නැ. මොකද ඒක
නරක වැඩක් කියල මං දැනගෙන උන්න නිසා. ශත පනහේ සිද්ධිය මගේ හිතට වද දෙන දෙයක් වෙන්න ගත්තා.

‘මම මහ හොරෙක් ‘
මගේ හිත මටම කියන්න ගත්තා.

‘මොකද තනියම හිනාවෙන්නේ‘

බිරිදගේ හඩින් මං ‘සිත‘ අවුරුදු ගානක් ෆෝවර්ඩ් කලා
මට හිනාගියේ කනපිට ගහපු මේස් එක වගේ හිත් අනුන්ට බලන්න පුළුවන් නං කියල

එහෙනං අහුවෙන තරමක් අහුවෙන්නේ බඩු හොරු නෙවෙයි ‘හිත්‘ හොරු ...........

ඇස් වලින් බලල හිත්වලින් කරන වංචාව එක්ක අර
‘ශත පනහ‘ මොකද්ද කියල මට හිතුන ..........

---------------------------------------------------------------------------------

මං අනිත් මේස් එක අග්ගිස්සෙන් අල්ලලා ඇද්ද.
 

Thursday, December 13, 2012






ආදරය කියන්නේ ස්පර්ශයද
නැත්තං වෙන දෙයක්ද ?
______________________





‘මං පෙම්වතියකගෙන් සන්නද්ධ වෙලා හිටියේ‘

බෝඩිමේ කොල්ලොන්ට කෙල්ලෝ පිළිබද කතා රෑට යුධ පිටියක් වගේ. කොල්ලොන්ට කෙල්ලෝ හිටියේ නැ හිටියේ ‘බඩු‘ සහ ‘කෑලි‘.

‘මචං උඹ සිරාද ?‘

එහෙම අහන්නේ තමන් පිළිබද පට්ට තක්සේරුවක් තියනවා කියන එකයි.

මම එකෙන් අදහස් කරේ ඒකි හරි මදි නං වෙන එකියක් උනත්
ටක් ගාලා යාළු කරගන්න පුළුවන් තරං බොඩිමේ කොල්ලෝ දියුනුයි කියන එක.

ඒ උං කියන හැටි. මම ගොඩක් වෙලාවට කරන්නේ
හිනාවෙලා නිකං ඉන්න එක. මොකද මං පෙම්වතෙක් වෙන්න කෑව
කට්ට ගැන දන්නේ මං නිසා...

බොඩිම පරණ උළු ගෙයක්. ඉස්සරහ කාමර 2 ක තුන් දෙනා ගානේ 6 දෙනෙක් හිටියා. එලියේ බුදු මැදුරට අල්ලපු කාමරේ තව දෙන්නෙක් හිටියා
අපේ ‘හෑලි‘ පොට් එක එතැන.

දැනුම සහ රැකියාව ‘බඩුවක්‘ සෙට් කරගන්න සුදුසුකම නෙවෙයි කියල තේරුනේ මම බෝඩිමට ආව දවසෙමයි. එදා එලියේ කාමරේ ඉදල ගිය ලස්සන ඉටි රූපයක්වගේ කෙල්ල එක්කං ඇවිත් තිබුනේ අටවත් පාස් නැති
නිමලයා. වැල්ඩින් වැඩ කරන උගේ මූන යකඩ තහඩුවක් වගේ.

මට කෙල්ලන්ගේ ‘හිත්‘ ගැන හිතා ගන්න බැරුව උන්නේ.
එත් මම කවදාවත් පෙම්වතියගෙන් ඒ ගැන ඇහුවේ නැ. කැලි ගැන බඩු ගැන අහලා මං, මංම නසා ගන්න කැමති උන් නැ. යහපත් කොල්ලෝ, යහපත් කෙල්ලෝ, හැමතැනම. එත් ඒක එහෙම්මමද කියල මගේ හිත මුර ගෑවා.

එදා ලාන්තරස් දවසක්. අතේ සතයක් වත් තිබ්බේ වැඩ ඇරිල බොඩිමට එන ගමන යාළුවෙක් ගෙන් ලෝන් එකක් දැම්මා. මට රු . 500 ක් ගනින් කියලා උ මට 1000 ක් දික්කරා. ඒක මාරු කරන්න මං ලග තියෙන ලොතරැයි කූඩුවට ගියා.

‘වාසනා‘

ලොතැයි කූඩුවේ හිටියේ කෙල්ලෙක්. කෙල්ලෙක් කීවට මම ඒක හරියටම දන්නේ නැ. බෙල්ලෙන් උඩ මූන විතරක් පේන්න තිබ්බා. මම සල්ලි මාරුකරන්න අහන් නැතුව ශනිදාවක් ගත්තා.

බොඩිමට අපු වෙලාවේ ඉදල මට මැවුනේ අර වාසනා ගේ මූන.
හීන් දිගැටි හිනාවෙන කොට මූනේ වලවල් හැදෙන මූනක්
අහිසක පාටයි.

මම වාසනා ගැන කාටවත් කීවේ නැ. පස්සෙන්දා මම ලොතරැයියක් ගත්තා.
එයා පුරුදු විදිහටම හිනා වෙලා ලොතරැයිය දුන්නා. මගේ හිතට වෙලා තියන දේ මහා අරුමයක්. මට හැම තිස්සෙම ලොතරැයි කූඩුව මතක් වෙන්න ගත්තා.

මම පෙම්වතිටය ට තිබ්බ ‘ආදරේ ‘ සහ වාසනා ගැන තිබ්බ ‘හැගීම‘ තනිකරම දෙකක් කියල හිත රවට්ට ගත්තා.

‘එයා මගේ යාලුවෙක්‘

එත් මං වචනයක් වත් කතා කරල තිබ්බේ නැ. එහෙම කතා කරන්න ඕන කමක් තිබ්බෙත් නැ. එත් දවස් 3 කට වරක් වත් මම ලොතරැයියක් ගත්තා.
එත් එවා බැලුවේ නැ. සල්ලි නැති දවසට ඒක අරන් කූඩුව ගාවට ගියා
දිනුම්ද බලන්න නෙවේ
එයාගේ වල ගැහෙන මූන බලන්න.

මට වාසනා ගැන පෙම්වතීට කියන්න ඕන උනා. ඒත් ඈ මොනවා හිතයිද ?
මොනවා කියයිද ? මම මේක බෝඩිමේ කියන්න හිතුවා. හවස මං කීවා

‘‘මචං නුගේගොඩ හංදියේ ලොතරැය් කූඩුවක පට්ට කෑල්ලක් ඉන්නවා‘‘

මම සිතිවිල වචන කරා ඒක බොඩිං භාෂාවට අනුගත නැත්තං මු මාව
කනවා නියතයි..

‘උස්සපං‘

මං අයේ ඒ ගැන කියන්න ගියේ නැ. මොකද බෝඩිම කොල්ලෝ එක්ක ඊට වඩා සංවාදශීලී වෙලා පලක් නැති නිසා. මා ඒ වෙනකොට ලොතරැයි 50 කට වඩා අරං තිබුනා. මම පෙම්වතීව හමුවෙන්න දාගත්ත කාලයේ කිසිම වෙනසක් කලේ නැ. කිසිම අඩුවක් කලෙත් නැ. ඒත් යා යන ගමන් මට වාසනා මතක් උනා. මට එකනේ මිදෙන්න ඕන උනත් පුළුවන් කමක් තිබ්බේ නැ.

මං පුළුවන් තරං කරේ හුදකලා උන එක.
මට ලොකු අවුලක් තිබ්බා. ඒ වාසනා ගැන මගේ තිබ්බා හැගීමට දෙන නම ගැන

‘ආදරය‘

ඒක ගැන හිතන්නත් මම බය උනා මොකද මම දැනටමත් පෙම්වතෙක්.
මට ආදරෙයි කියල කටින්ම කියන කෙනකේ ඉන්නවා. එතකොට
මං වාසනාව අතාරින්න ඕනද ? ලොතරැයි නොගෙන ඉන්න ඕනද ?

අන්තිමේදී මම බොඩිමේ ටිකක් අහිංසක වගේ එකෙකුට මේ විස්තරේ කීවා
මට ඕන උනේම මගේ හිතට පොඩි සහනයක් දෙන්න.

‘මචං උඹ දෙන්නවම බැලන්ස් කරපං. උඹට වැඩියෙන් හිත ගිය කෙනා ලං කරන් අනිත් එකීට පොල්ල තියපං‘

උගේ ‘අනගි‘ එත් මට දිරවන් නැති උත්තරේ මම උටම දිරවගන්න ඇරලා
තුන් වන මාසෙටත් ලොතැරැයි තූඩුඩවට ගියා.

‘අයියා හවස මේ මේ පැත්තේ එන්න‘

ඇය ලොතරැයි භාෂවට පිට පළමු වාක්කිය කීවා. මම පෙම්වතී පලමු දවසේ කතා කරනකොට තිගැස්සුන කමටත් වඩා තිගැස්සුන හදවතකින් ඔළුව වැනුවා.

5.30 වෙනකොට මම ලොතරැයි කූඩුව ලග. අවුරද්දක පොඩි එකෙක්
කූඩුව ලෑල්ල උඩ ඉන්දලා හිටියා.

‘අයියා මේ මගේ දුව‘

මං හිතන්නේ පෙම්වතියටත් වඩා බෝඩිමේ යාළුවන්ටත් වඩා මාව තේරුම් ගත්ත එයා. එයා මාව ලප් තැනම ලොප් කලා............

-------------------------------------------

පස්සේ පෙම්වතී ගෙදරන් ගෙනාපු ආපු ලොකු අත්තක එල්ලුනා.

මම ආදරය කියන්නේ මොකද්ද කියල තාම දන් නැ..

‘ඒක කාමරයකට එක්කං යනවා කියන එකයි කියලා‘
බෝඩි කාමරේ කොල්ලෝ කීවට, උන් එහෙම්මද කියල මම දන් නැ......
 —

Wednesday, December 12, 2012



 ස්ත්‍රී දෝංකාරය
  ----------------


සිසිලක් දෙන්න,
‘ගිනිගත්තයි‘ කිව්ව හදවතට
දරු සෙනෙහසයි, පති භක්තියයි
මම තිබ්බා උකසට

ජීවිතයටම ගිනි තියලා
හිතක් පපුවක් නැති ලෙසට

ගිනි තැප්පා ඇය එකක
තුරුළුවෙලා සීතලට
------------------------

ඒත් මට දුක නැ .!
දුන්නේ ගන්නම නෙවෙන නිසා.........